අගමැති ,මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි භූමදානය කළ හැකි බව ප්‍රකාශ කර සිටියත් එය මෙතෙක් ඉටු නොවීම සම්බන්දයෙන් සිය අයිතීන් වෙනුවෙන් දිගටම සටන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහමන් මහතා පවසයි.
අගමැතිගේ ප්‍රකාශයත්, විද්වත් කමිටියේ වාර්තාවත් තුට්ටුවකට මායිම් නොකරන බව ඇණ්ඩුවේ ක්‍රියාකාරම් වලින් පැහැදිලි වන බවත් ආණ්ඩුව භූමදානය කිරීම සඳහා අවසර නොදී සිටින්නේ, ජාතිවාදි සහ ආගම්වාදි අදහසින් බව මනාව පෑහැදිලී වන බව ද ඔහු බුමිදනය සම්බන්දයෙන් අදහස් දක්වමින් කලම්බෝ ගැසට් වෙත පැවසිය.
ඒ අනුව භූමදානය සඳහා වූ ජාතික ව්‍යාපාරය 23 වැනි දා හවස 3 ට ගාලු මුවදොර, ජනාධිපද ලේඛම් කාර්යාලය අසල පවත්වන විරෝධතායක් පැවැත්වීමට කටයුතු කර ඇත.
මිට සහයෝගය දක්වන සැමට වීරෝධතාවන්ට වෙන් කර තිබෙන ස්ථානයට පැමිණෙන ලෙසත් එම විරෝධතාවයට සක්‍රීයව සහභාගි වෙන ලෙසත් ප්රජාතන්ත්රවාදි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සියල්ලන්ටම ආරාධනා කරන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.