
රන්ටැඹේ ජල විදුලි බලාගාරයෙන් ජල විදුලිය නිෂ්පාදනය කර මහවැලි ඟගට මුදා හරින ජලය ගබඩා කර හෙක්ටයාර් හත්දහස් පන්සියයකට මහවැලි ජලය සපයන මිනිපේ යෝධ ඇළ සහ මිනිපේ අමුණ සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් තිබේ. එමෙන්ම සැමට විදුලිය ලබා දීමේ රජයේ අරමුණ යටතේ ගම වලට ගොස් විදුලිය නොමැති ගම් බිම් නිරීක්ෂණය කර සැමට විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවත් තමන් විසින්ම සියල්ල නිතර නිරීක්ෂණ කරන බවත් අමත්‍යවරයා කලම්බෝ ගැසට් අපට පැවසුවේය.
නවතම සංවර්ධන කටයුතු පිළිබද කලම්බෝ ගැසට් අප කල විමසුමට පිළිතුරු දෙමින් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසුවේ මෙය නිතරම තමන් විසින් නිරීක්ෂණය කරන බවය. තවමත් ගම්මාන වල කුප්පි ලාම්පුවෙන් ඉගෙන ගන්නා බවත් එවන් දරුවන්ට සූර්ය පැනල ලබා දීම, අධ්‍යාපන උපකරණ පිරිනැමීම හා ගම්වාසීන්ට ආහාර ද්‍රව්‍ය ලබා දීම ආදියට අමාත්‍යවරයාගේ නිරීක්ෂණ චරිකාවන්ට සමගාමිව සිදු වේ.
මිනිපේ වියාපෘතිය සම්බන්දයෙන් කතා කිරීමේදී 1948 වසරේ ඉදි කෙරුණු මිනිපේ අමුණ අවසන් වරට ප්‍රථිසංස්කරණය කර ඇත්තේ 1980 වසරේදීයි. ඒ අනුව වසර හතලිහකට පමණ පසුව සම්පූර්ණ සංවර්ධනයක් සිදු කෙරෙන මිනිපේ ගොවි ව්‍යාපාරයට ජලය සැපයෙන මිනිපේ අමුණ සහ යෝධ ඇළ ව්‍යාපාරය ප්‍රථිසංස්කරණය කිරීමේ කටයුතු දුමින්ද දිසානායක මහතා වාරී මාර්ග අමාත්‍යයවරයාව සිටියදී ආරම්භ කෙරිණි.
ජල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, යළ මහ දෙකන්නයෙහි හිඟයකින් තොරව ජලය සැපයීම, භූගත ජල ධාරීතාව ඉහළ නැංවීම, වැව් පද්ධතිය මහවැලි ජලයෙන් පෝෂණය කිරීම මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණු වේ. විදුලිය සඳහා ඉල්ලුම උච්චතම අවස්ථාවන්හී දිනකට දෙවරක් රන්ටැඹේ ජල විදුලිබලාගාරයෙන් ජලය නිකුත් කිරීම් සිදු කරන අවස්ථාවේදී වම් හා දකුණු ඉවුරු ඇළ මාර්ග සඳහා ජය නිකුත් කිරීමට දැනට පවතින අමුණ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වඩා විශ්වාසනීයව අඛණ්ඩව මිනිපේ ගොවි බිම් සඳහා ජලය සැපයීම පිණිස මිනිපේ අමුණු වේල්ල මීටර 3.5 කින් එසවීම හා කිලෝ මීටර 74 ක දිගින් යුතු මිනිපේ වම් ඉවුරේ ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රථිසංස්කරණය කිරීම් ආරම්භ කෙරිණි.මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 2 6000 කි.

මෙරට පැරණිතම වාරී මාර්ග ඉදි කිරීමක් ලෙස සැලකෙන මිනිපේ අමුණ රාජ්‍ය අනුග්‍රහයෙන් යක්ෂණියක් විසින් ඉඳි කර ඇතැයි පුරාවෘත්ත වල සඳහන් වේ.නූතන ඉංජිනේරුවන් පවා විශ්මයට පත් කළ මෙම සුවිසල් වාරී කර්මාන්තය, නැම්මකදී ගඟ හැරවීමේ යෝජනා ක්‍රමයකින් සමන්විත වේ.එහිදී විශාල ජල කඳක් ඉවුරට ආසන්නයේ පිහිටි දූවක් මගින් සෑදුණු හා ගල්කුළු දෙකකින් අර්ධව වැසුණු පටු ඇළකට ඇතුළු වන අතර, මෙම තත්වය ජල දහාරාව අවහිර කරයි.
මෙම පර්වත දෙක හරස් ඉදිකිරීමක් මගින් යා කළ විට, වේල්ලක් බවට පත් වූ අතර, ස්වාභාවික ඇළ මාර්ගයේ ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට සලස්වා ඇත.මෙම ව්‍යාපෘතිය අවසානයේ මිනිපේ වම් ඉවුර ඇළෙහි අවසන් කෙළවරට වන්නට වගා කටයුතු කරන ගොවීන්ට අඛණ්ඩ ජල සැපයුමක් සහතික කළ හැකි අතර, ඇළ පුනරුත්ථාපනය කිරීම මගින් මිනිපේ ඇළ දෙපස වාසය කරන ජනතාවට අවදානමින් තොරවූ පරිසරයක් නිර්මාණය වේ.වඩා විශ්වාසනීය ජල සැපයුමක් හේතුවෙන් යල – මහ දෙකන්නයෙහි වගා කරන ගොවී පවුල් 15 000 කට වැඩි ප්‍රමාණයකට ප්‍රථිලාභ සැපයේ. වන සතුන්ට ජලය සැපයීම පිණිස වියළි කාළයේදී පවා වස්ගමුව වන රක්ෂිතයේ පිහිටි කඳුරුපිටිය කුඩා පොකුණට ජලය සැපයීමට හැකිවීමද මෙම ව්‍යාපෘතියේ තවත් ප්රථිලාභයකි.
එමෙන්ම මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නකල්ස් කඳු වැටියේ හුදකලා ගම්මානයක වන උඩ ගල් දෙබොක්ක ගම්මානයේ ජනතාව හුදෙකලා බවින් මුදවමින් ඔවුන් ගෙවන අති දුෂ්කර ජීවිතයට තිත තබමින් එම ගම්වැසියන් සියලු දෙනා වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීම කෙරෙහි ජනපතිතුමන්ගේ අවධානය යොමු කරවන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. මෙතෙක් විදුලිය ලබා දී නොමැති ගම්මාන වෙත විදුලි අවශ්‍යතා සපයා දීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම ගම්මානය වෙත ගොස් සියලු දුෂ්කරතා නිරීක්ෂණය කර තිබේ.
මෙම මාර්ගයේ වන අලින්, වලසුන් මෙම ගම්වැසියන්ට නිරන්තරයෙන් හමු වන බවද ගම්වාසීන් පවසති.මෙම ගම්මානයේ නිවාස කටු මැටියෙන් ඉදි කර ඇති අතර, පවුල් 36 ක් පමණ මෙම ගම්මානයේ බොහෝ දුෂ්කරතා මැද දිවි ගෙවති. මෙම ගම්වැසියන් කුප්පි ලාම්පු එළියෙන් අඳුර මකා ගන්නා අතර, මෙම ගම්මානයේ කිසිදු නිවසක විදුලි උපකරණයක් නැත්තේ මෙම ගම්මානයට තවමත් විදුලිය ලැබී නැති නිසාවෙනි.රූපවාහිනිය, ජංගම දුරකථන, රේඩියෝ ඇතුළු බොහෝ නව තාක්ෂණික උපකරණ මෙම ගම්වැසියන්ට ආගන්තුක දේ වී ඇත.උදෑසන සිට හවස් වන තුරු මහ පොළවත් සමඟ සටන් කර ලබා ගන්නා අස්වැන්නෙන් මේ ගම්මානයේ සියල්ලෝම ජීවිතය සරි කර ගනිති.වැසි දියෙන් පමණක් වගා කරන මෙම ගම්වැසියන් එම අස්වැන්න, කැලෑවෙන් කඩා ගන්නා කොස්, පොලොස් හා දෙල් මෙන්ම කිතුල් පැණි, කිතුල් හකුරුද දුෂ්කර මාර්ගය ඔස්සේ කර මතින් රැගෙන විත් නගරයට විකුණා ලබා ගන්නා මුදලින් තම නිවසට අවශ්‍ය අඩුම කුඩුමද නගරයෙන් රැගෙන නැවතත් නිවෙස් වලට යන බව පවසයි.කඳු මුදුනේ සිට ඇඳ හැලෙන දිය දහරින් පානීය ජල අවශ්‍යතා මෙන්ම අනෙකුත් අවශ්‍යතාද සපුරා ගනිති.
පසුගිය කාළයේ ගොඩ හේන් වගා කල තම ගම්වැසියන් දස දෙනෙකුට කැලෑ හෙළි පෙහෙලි කිරීමේ චෝදනාවට වනසංරක්ෂණ නිලධාරීන් විසින් නඩු පැවරූ බවත්. ඒ හේතුවෙන් දැන් තමන්ට වගා බිම්ද අහිමි වෙමින් පවතින බවත් ගම් වැසියන් අමාත්‍යවරයාට පවසා ඇත. එහිදී ගම්වාසීන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ විදුලිය හා මාර්ගය පිළිසකර කර දෙන ලෙසයි, නැතහොත් වගා කිරිමට ඉඩමක් සමඟ නිවසක් වෙනත් ප්‍රදේශයකින් ලබා දෙන්නේ නම් , තම දුෂ්කර ජීවිතයට සමු දීමට හෙට වුණත් සූදානම් බවද ගම්වැසියන් පැවසීය.
මෙම ගම්මානයට කිලෝ මීටර ගණනක් විදුලිය හා මාර්ගය ලබා දීම වෙනුවෙන් රජයට විශාල වියදමක් මෙන්ම හා ඒ සඳහා කාළයක් ගත වන බව අමාත්‍යවරයා පවසයි. ඒ අනුව මෙම ගම්මානයේ සියලු පවුල් සඳහා පහසුකම් සහිත ප්‍රදේශයකින් නිවසක් ඉඳි කර, ගොඩින් හා මඩින් වගාවට ඉඩම් ලබා දීම රජයට මෙන්ම ගම්වාසීන්ටද පහසුවක් වන බවයි. ඒ අනුව එසේ ඉඩමක් ලබා දුන්නොත් යන්න කැමතිදැයි ගම්වාසීන්ගෙන් විමසු විට ඊට ගම්වාසීන් සිය කැමැත්ත පල කර ඇත. ගම්මානයේ පාසල් දරුවන් වෙත අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට පහසුව සඳහා සූර්ය විදුලි පැනල පද්ධති හා පාසල් උපකරණත්, ගම්මානයේ සියලු පවුල් වෙත වියළි සලාක මල්ලක් ප්රදානය කර ඇත.
ජනාධිපතිගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය වර්ධනය කරමින්, දිවයිනේ තවත් ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අපි පසුගියදා කෙරවලපිටියේදී ආරම්භ කිරීම සිදුවී තිබෙන අතර මේ වනවිට අතරමග නවතා දමා ඇති කදිරාන ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය හැකි ඉක්මණින් ජාතික විදුලිබල පද්ධතියට එක් කළයුතු බවත් අමත්‍යවරයා පැවසුවේ ඒ ගැන අදහස් දක්වමිනි. එම කටයුතුද සිදු වන්නේ චීන සහයෙනි. එමෙන්ම ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ගේ සක්‍රීය දායකත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සැලසුම් කළ පාවෙන සූර්ය විදුලි බලාගාර සංකල්පය ක්‍රියාත්මක තලයට ගෙනඒමට සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශය මේ වනිවට පියවර ගනිමින් සිටීයි.