රට තුළ ඕනෑම තනතුරක් හෙබවීමට කාන්තාවන්ට ඇති අයිතිය පිළිගැනීම තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය නීතිමය පසුබිම නිර්මාණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පවසයි.
මේ වන විට නියෝජ්‍ය පොලිස්පති බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මියගේ තනතුර සම්බන්දයෙන් දැඩි කතා බහට ලක්වී ඇති සිදුවීම සම්බන්දයෙන් අප කල විමසුමට අනුව ශාන්තිනි මිය කලම්බෝ ගැසට් වෙත පැවසුවේ එවන් අදහසකි. රටේ නීති සම්පාදනය වගකීම පැවරී ඇති ව්‍යවස්ථාදායකය මෙම සිදුවීමද පාදක කරගනිමින් වහා මැදිහත් වියයුතු බව ද ඇය පැවසුවාය.
බිම්ශානි මහත්මියගේ සුදුසුකම් සහ පවරා ඇති නඩු කටයුත්තට අදාළ චෝදනා සම්බන්ධයෙන් තමා ප්‍රශ්න නොකරන බව පවසන කෝන්ගහගේ මහත්මිය සඳහන් කරන්නේ කාන්තවක් වීම හේතුවෙන් ඇයට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරක් දැරිය නොහැකිය යන කාරණාව සම්බන්ධයෙන් පමණක් තමා විරෝධතාවය පල කරන බවය.
කාන්තා අයිතීන් ගැන විශාල ලෙස කතා කරන ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දක්වන පසුගාමී බව සමාජය හමුවේ නිරාවරණය වූ හොදම අවස්ථාව නියෝජ්‍ය පොලිස්පති බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මියගේ සිදුවීම බව එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා 20නිසා පොලිස් කොමිසම වැනි ආයතන අකර්මන්‍ය කිරීම හේතුවෙන්ද අර්බුධ ගණනාවක් නිර්මාණය වී ඇති බවද පවසයි.