රටේ දේපළ විකිණීමට කැබිනට් පත්‍රිකාවක්. ජවිපෙන් චෝදනාවක්  

අශන්ති වරුනසුරිය
නෛතික ක්‍රියාවලින් සියල්ල බැහැර කරමින් රටේ සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීම සඳහා වත්මන් ආණ්ඩුව කටයටුතු කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ සඳහා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති බවත් මේවා රාජපක්ෂලාට සාමාන්‍ය දෙයක් බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.
එක දිගටම ජවිපෙ ආණ්ඩුවට විවේචනය කරමින් සිටින අතර මේ වන විට රටේ සම්පත් විකිණීම මෙන්ම බොහෝ මාතෘකා අරම්භයා ජනතාව දැනුවත් කිරීමේ සටනක ඔවුන් නිරත වේ. මේ පිළිබදව කලම්බෝ ගැසට් අප කල විමසුමට පිළිතුරු දෙමින් අනුර මය පැවසුවේ රටේ සම්පත් විකිණීමේ අරගලය වෙනුවෙන් ජවිපෙ දිවිහිමියෙන් පෙනී සිටින බවය.
කෙසේ වෙතත් වේගවත් සංවර්ධන මාර්ග සකස් කිරීමට බව පවසා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම හරහා දුෂිත ලෙස රටේ සම්පත් විකුණා දැමීමට සුදානම් වන බවත් , විශාල පරිසර දුෂණයක් ද සිදු කිරීමට ඉඩකඩ ලබා දෙමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට සැරසෙන බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
ඉන්දියාව සතු ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය නොබෝ දිනකින් ම ශ්‍රී ලංකවට හිමිවන බව පසුගිය 17 වනදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා රටට පැවසුවේය. නමුත් එයට ප්‍රතිචාර දැක්වූ ඉන්දියාව සඳහන් කළේ එවැනි කිසිදු එකඟතාවයකට ඉන්දීය රජය නොපැමිණි බවය.
කෙසේ වෙතත් මේ වන විට ඔහුගේ මෙම පරස්පර ප්‍රකාශයන් සම්බන්ධයෙන් දැඩි කතබහක් නිර්මණය වී ඇති අතර පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මේ පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රශ්න කළ අවස්ථවේදී ” පිස්සු ” යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබිණි.
මේ වන විට මෙම සිද්ධිය දේශපාලන වේදිකාවේ නව මාතෘකාවක් බවට පත්වී ඇති අතර අදත් දේශපාලන වේදිකාවේ මේ පිළිබඳ අදහස් පළවෙන අතර මේ ගැනද අදහස් දක්වමින් දිසානායක මහතා පැවසුවේ සියල්ල ආණ්ඩුවේ මාධ්‍ය සන්ධර්ශන බවත් ජනතාවගේ ප්‍රශ්න අමතක කරවීමට එක එක නාට්‍ය කාලෙන් කාලෙට එන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.