සනත් ජයසූරිය කොවිඩ් එන්නත ලබා ගත් ආකාරය සොයයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා කොවිඩ් එන්නත ලබා ගත් ආකාරය පිළිබඳව සොයා බැලීමක් කරන බව කොවිඩ් – 19 මර්දනය කිරීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

සනත් ජයසූරිය මහතා විසින් කොවිඩ් එන්නත ලබාගත් බවට සමාජ ජාල මාධ්‍ය තුළ සංසරණය වන ඡායාරූප පිළිබඳව මෙහිදී අවධානය යොමු තිබේ.

එම එන්නත් කරන වැඩසටහනේ ප්‍රමුඛතාවය ලබා දිය යුතු අය අතර ජයසූරිය මහතා සිටියේ කෙසේදැයි Colombo Gazette කළ විමසූමකදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසිය

ඔහු Colombo Gazette වෙත ප්‍රකාශ කළේ ජයසුරිය මහතා අවදානමට ලක්විය හැකි ප්‍රදේශයක සිටින බව සොයාගනු ලැබුවහොත් ඔහු ඇතුළත් වන්නට ඇති බවයි.

පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින්, මිලිටරිය, පොලීසිය වැනි කුඩා පිරිසක් සහ මහජනතාව සමඟ නිරන්තරයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වෙනත් අය අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ලෙස හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා පැහැදිලි කළේය.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් හඳුනාගෙන එන්නත් ලබා දීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

උපායමාර්ගය යටතේ, COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPC) අවදානමට ලක්විය හැකි කණ්ඩායම් හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ.

කොවිඩ් වෛරසය පැතිරීම සඳහා ඉහළ අවදානමක් ඇති ප්‍රදේශ පද්ධතිය යටතේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ලෙස වෙන්කර ඇති බව ඔහු පැවසීය.

මේ අනුව, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීම සඳහා අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල පුද්ගලයින් තෝරාගෙන ඇත.

යුද හමුදාපතිවරයා පැවසුවේ 70% කට ආසන්න ප්‍රමාණයක් මෙම අවදානමට ලක්විය හැකි ප්‍රදේශවලින් පැමිණි අය වන අතර එන්නත ලබා ගැනීම සඳහා තෝරාගෙන ඇති බවයි.

මෙම වැඩසටහන යටතේ වයස අවුරුදු 30 ට වැඩි අයට එන්නත ලබා දෙන බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.