රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් ගත් මෝටර් රථය ආණමඩුව බංගදෙණිය මාර්ගයේ සේරුකැලේ ප්‍රදේශයේදී අද උදෑසන අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
මෝටර් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව පෙරළීයාමෙන් එම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මෝටර් රථය තුළ සිටිය ද ඔහුට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව සඳහන් වේ.
අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.