සහල් හිඟයක් හෝ මිල වැඩි වීමක් සිදු නොවේ – බන්දුල

අශන්ති වරුනසුරිය

කිසිසේත්ම මෙරට සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එමෙන්ම ඉදිරි වසර තුන තුළ කැකුළු, නාඩු සහ සම්බා සහල්වල මිල රුපියල් 100ට වඩා වැඩිවීමට ඉඩ නොතබන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

පසුගියදා භාණ්ඩ වර්ග 27ක මිල අඩු කල අතර එම භාණ්ඩ ලබා ගැනීමට නොමැති බවටද ජනතාව චෝදනා කරති. මේ සම්බන්දයෙන් ද අප කල විමසුමට පිළිතුරු දෙමින් අමත්‍යවරයා සදහන් කලේ එවන් කිසිදු භාණ්ඩ අතිරික්තයක් නොමැති බවත් සතොස සජ සමුපකාර වල භාණ්ඩ ලබා ගැනීමේ පහසුකම ජනතාවට ලබා ගත හැකි බවත්ය.

ඉදිරියේදී සහල් හිඟයක් ඇති වන බවත් සහල් මිල වැඩි වන බවටත් පල වන වාර්තා සම්බන්දයෙන් කලම්බෝ ගැසට් අප කල විමසුමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ගොවියාට ද වඩා සාධාරණයක් සැලසෙන මිලක් සහතික මිල ලෙස ලබා දී ඇති බවය.

නමුත් රට තුළ සහල් සහ වී හිඟයක් මතුව ඇති බව සහල් ව්‍යාපාරිකයන් සහ මහ පරිමාණ වී මෝල් හිමියන් පවසති. මහ පරිමාණ වී මෝල් හිමියන් පවසන්නේ පැවැති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය. සහල් වර්ග හතරකට අදාළව සහල් නිෂ්පාදකයන් සහ මෝල් හිමියන් සහල් විකිණිය යුතු උපරිම මිලක් නියම කරමින් රජය පසුගිය වසරේ නොවැම්බර් මස 04 වනදා සිට බලපැවැත්වෙන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව සම්බා සහ කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94ක උපරිම මිලක්, නාඩු කිලෝවක් සඳහා රුපියල් 92ක් සහ කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 89ක උපරිම මිලක් එම ගැසට්පත්‍රය මගින් නියම කෙරුණි. කෙසේනමුත් වෙළෙඳුන් පවසන්නේ රජයේ පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.