කොවිඩ් මර්දන එන්නත ලොව පුරා බෙදා හැරිමට G7 සමුළුවේ නායකයින් ප්‍රතිඥා දි ඇත.
G7 සමුළුවේ ප්‍රධාන සැසිය අවසානයේ ඔවුන් මෙම එකඟතාවයට පැමිණ තිබේ.
මෙම බලවතුන් ඒකාබද්ධ නිවේනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ඩොලර් බිලියන 7.5 ක අරමුදලක් ඒ වෙනුවෙන් පිහිටුවන බවයි.
අඩු ආදායම්ලාභී රටවලට සාධාරණ අයුරින් කොරෝනා එන්නත් බෙදා හැරීම, ධනවත් රටවලට පැවරී ඇති ප්‍රධාන වගකීමක් බව ද G7 නායකයින් පෙන්වා දෙන අතර අදාළ අරමුදල සඳහා ඩොලර් බිලියන 4 ක ආධාරයක් ලබා දීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පොරොන්දු විය.
ඉන්, ඩොලර් බිලියන 2 ක් මෙම වසරේදී පරිත්‍යාග කෙරෙන අතර ඉතිරි මුදල ඉදිරි වසර දෙක තුළ ලබා දීමට නියමිතය.