වසර 4ක සිර දඬුවම් නියම වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනවාරි 12 වන දින සිරගත කිරීමෙන් මසකට පසු ප්‍රථම වතාවට ඊයේ (19) පස්වරුවේ ප්‍රසිද්ධියේ පෙනී සිටියා.
ඒ අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිට හම්බන්තොට මහා රෝහලට රැගෙන ආ මොහොතේදීය.
ඒ අනුව රාමනායක මන්ත්‍රීවරයා හම්බන්තොට රෝහලේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කැඳවාගෙන එනු ලැබීය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායකගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් දණහිසේ සැත්කමක් කිරීමට නියමිතව තිබූ බැවින් ඔහුව රෝහලට ගෙන ගිය බවත් වාර්තා වෙයි.