කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පසුගිය සති දෙක තුළ රුධිර සංචිතවල යම් අඩුවීමක් දක්නට ලැබෙන බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව ඉදිරි සති දෙක සඳහා රුධිර සංචිත වැඩිකර ගැනීමට යම් සුවිශේෂි ක්‍රියාවලියකට එළඹීමට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය තීරණය කර ඇති අතර රුධිර දායකයින්ට හා රුධිර කඳවුරු පවත්වන්නන්ට රුධිර සංචිත වැඩිකර ගැනීමට දායක වන ලෙස එහි අධ්යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ඉල්ලීමක් කරයි.
එදිරිසිංහ මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ රුධිර පාරවිලයනය මධ්‍යස්ථානය සතුව තිබෙන රුධිර මධ්‍යස්ථාන ශාඛා 107ක දී ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි.
මේ වනවිට රුධිර මධ්‍යස්ථානය සතු සංචිතයේ රුධීරය සීග්‍ර ලෙස පසුබෑමක් ඇති වූ නිසා මෙම ඉල්ලීම කිරීමට සිදු වූ බව එහි අධ්යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.