බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩක චමින්ද වාස් පත් කර ඇත.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සූදානම් වෙමින් සිටියදී වේග පන්දු පුහුණුකරු තනතුරේ කටයුතු කරන ලද ඩේවිඩ් සේකර්, එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟ වාස්ව එම තනතුරට පත් කළ බවය.
චමින්ද වාස් මේ වනවිට ශ්රී ලංකා ක්රිකට් සංවර්ධන සංචිතයේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලැබේ.
47 වැනි වියේ පසුවන චමින්ද වාස් වමතින් වේග පන්දු යවමින් ටෙස්ට් තරග 111 කදී කඩුලු 355 ක්ද එක්දින තරග 322 කදී කඩුලු 400 ක් ද බිඳ හෙළීමට සමත්වූවේය. පන්දු යවන්නකුට අමතරව පිත්තෙන්ද දස්කම් දක්වා ඇති වාස් ටෙස්ට් තරගවලදී ශතකයක් සහ අර්ධ ශතක 13 ක් සමඟින් ලකුණු 3089 ක් ද එක්දින අංශයෙන් අර්ධ ශතකයක් සමඟ ලකුණු 2025 ක් රැස් කිරීමට සමත්ව තිබේ.