අමෙරිකානු අභ්‍යවකාශ නියෝජිතායනය හෙවත් නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යැවූ සාර්ථකව ප(ර්)සවේරන්ස් රෝවරය සාර්ථකව අඟහරු ග්‍රහයාගේ සමකයට ආසන්න ගැඹුරු ආවටයක් වන ජෙසෙරෝ නම් ප්‍රදේශයට ගොඩ බස්වා ඇත.
රෝද හයකින් යුතු එම රොබෝ යානය තවත් වසර 02 ක පමණ කාලයක් අඟහරු ග්‍රහයා මතුපිට පර්යේෂණ සිදු කිරීමට නියමිතය.
එම කාලය තුළ එම රොබෝ යානය මගින් ග්‍රහලෝකය මතුපිට ඇති පාෂාණ කැණීම් සිදු කොට ග්‍රහලෝකය සම්බන්ධයෙන් තොරතුරු සොයාබැලීමට නියමිතය.
ප(ර්)සවේරන්ස් රෝවරය සාර්ථකව අඟහරු ග්‍රහයා මතට ගොඩ බැස්වීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය සුබ පැතුම් පළ කර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත.
යානය ගොඩ බස්වා ඇති ජෙසෙරෝ ප්‍රදේශයේ මීට අවුරුදු බිලියන ගණනකට පෙර විශාල විලක් පවතින්නට ඇතැයිද ජලය පැවති ස්ථානයක ජීවයක් පවතින්නට ඉඩ ඇතැයි යන අනුමානය මත, ඉදිරි පර්යේෂණ සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.