පාකිස්ථාන අගමැතිවරයාගේ ආරක්ෂක අංශ දිවයිනට

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ දෙදින නිල සංචාරය සංවිධානය කිරීම සඳහා මෙරටට පැමිණ ඇති පාකිස්ථාන ආරක්ෂක හා රජය නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණයට ලක් කිරීම අද (19) දින සිදු කෙරුණි.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්ර‍ාන් ඛාන් මහතා ලබන අඟහරුවාදා දිවයිනට පැමිණීමට නියමිතයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරය‍ා පිළිගැනීම සඳහා විශේෂ හමුදා උත්තමාචාර
වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

එහි පෙර පුහුණුවීම් කටයුතු කටුනායක ගුවන්තොටුපලේ සිදු වූ අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද එම ස්ථානයට ගොස් එම පෙර පුහුණුවීම් පිළිබඳව නිරීක්ෂණයට ලක් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.