අහඹු පරීක්ෂණ දිගටම

අශන්ති වරුනසුරිය

දිවයින පුරා අහඹු පරීක්ෂණ දිගටම සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව සෙනග වැඩිපුර ගැවසෙන ස්ථාන වෙළඳ ස්ථාන වල අහඹු පරීක්ෂණ සිදු කෙරේ.

නැගෙනහිර පළාතේ වෙළෙඳ නගර වල සහ සෙනග වැඩියෙන් ගැවසෙන ස්ථාන වල දිගටම අහඹු පරීක්ෂණ සිදු කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය අනුරාධ යහම්පත් මිය පැවසුවාය. කලම්බෝ ගැසට් අප කල විමසුමට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ කොරෝනා වෛරසය පැතිරීම වැලක්වීමට අදාල සෞක්‍ය මාර්ගෝපදේශන ක්‍රියාත්මක කරන බවත් මේවන විට බස්රථ වල මෙන්ම වෙනත් මහජනතාව ගැවසෙන ස්ථාන වල වැඩියෙන් අහඹු පරීක්ෂණ සිදු කෙරෙන බවත්ය.

ගම්පහ තත්වය පිලිබදව කලම්බෝ ගැසට් අප කල විමසුමට පිළිතුරු දෙමින් ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පැවසුවේ නගර ආශ්‍රිතව අහඹු පරීක්ෂණ සිදු කරන බවත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සාමාන්‍ය ජනතාවට oxford astrazeneca vaccine එන්නත ලබා දීමද සිදුවන බවත්ය. කොරෝනා මර්ධන වැඩසටහන් වලට සමගාමිව ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවිමේ ජාතික වැඩසටහන ද ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කරමින් සමාජීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම් ද මේ වන විට සිදු වන බවද නගරාධිපතිවරයා පැවසුවේය. මේවන විට ගම්පහ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන කිරීම පිළිබදව ද අවධානය යොමුවී ඇත.

නිරෝධායන නීති උල්ලංගනය කරන පිරිස් නිතිය ක්‍රියාත්මක කරන බවද සිදු කෙරෙන අහඹු පරීක්ෂණ වලට ජනතාවගේ සහයෝගය ලබා දෙන ලෙසට ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලය්යි. මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (18) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 8ක් තහවුරු කිරීමත් සමගය.ඒ අනුව, කොවිඩ් දෙවන රැල්ල ආරම්භයත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 417කි.

දෙමටගොඩ, බොරැල්ල, මීගොඩ, රීදිමාලියද්ද, දෙකටන, මරදාන, කෙසෙල්වත්ත සහ වත්තල යන ප්‍රදේශවලින් ඊයේ දිනයේ කොවිඩ් මරණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මියගිය පුද්ගලයින් අතර තිදෙනෙකු කාන්තාවන් වන අතර සෙසු අය පිරිමි පුද්ගලයින් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම පුද්ගලයින් අතර 20 හැවිරිදි තරුණියක් ද සිටින අතර සෙසු පුද්ගලයින් වයස අවුරුදු 67, 58, 43, 52, 86, 74 සහ 81 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව වාර්තා වේ. කොවිඩ් තත්ත්වයත් සමග ඇති වූ උග්‍ර දියවැඩියාව, අධි රුධිර පීඩනය, ඇදුම රෝගී තත්ත්වය සහ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.