ඕස්ට්‍රේලියානු රජය විසින් ගනු ලැබූ තීරණයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන වලට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ෆේස්බුක් අඩවිය වෙතට පුවත් අන්තර්ගතයන් එක් කිරීමේ අවස්ථාව ෆේස්බුක් සමාගම විසින් මේවනවිට අවහිර කොට ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වෙතට ඕස්ට්‍රේලියානු පුවත් අන්තර්ගතයන් එක් කිරීම සම්බන්ධයෙනි.
ශ්‍රී ලංකාව සම්බන්ධ පුවත් අන්තර්ගතයන් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියට මුදාහැරිම යම් නියාමනයකට ලක් කිරීමක් සිදුකිරිම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් වූහ.
සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාව සම්බන්ධ පුවත් අන්තර්ගතයන් ප්‍රචලිත කිරීමට නම් ජනමාධ්‍ය අමාත්‍යංශයෙහි ලියාපදිංචි වියයුතු බව විෂයභාර අමාත්‍යවරයා විසින්ද මිට පෙර ප්‍රකාශකොට තිබිණි.
පුවත්පත් මණ්ඩලය විසින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි නව මාධ්‍ය ලෙස ආවරණය කරගනිමින් 1973 අංක 05 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය සදහා වන කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවක් දැනගන්නට ලැබේ.
මෙම තත්වයන් යටතේ නොදුරු අනාගතයේදී ඕස්ට්‍රේලියාවේ මෙන් ශ්‍රී ලංකාවටත් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වෙතට පුවත් අන්තර්ගතයන් එක් කිරීමේ පහසුකම් අහෝසි වීමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.