රජය තුළ සිටින කුඩා පිරිසක් අග්‍රාමාත්‍යවරයාට අගෞරව කිරීමට සහ ඔහුගේ ප්‍රකාශය නොසලකා හරිමින් සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය (එස්එල්එම්සී) චෝදනා කරයි.
පසුගියදා කොවිඩ් මුස්ලිම් මරණ භුමිදානයට අවසර ලබා දෙන බවට අගමැති කල ප්‍රකාශය සම්බන්දයෙන් මකැබිනට් මණ්ඩලය පැවසුවේ එය අගමැතිගේ පුද්ගලික මතයක් බවත් ඒ පිළිබදව අවසන් තීරණය ගනු ලබන්නේ සෞක්‍ය බලධාරීන් බවත්ය.
මේ පිළිබදව අදහස් දක්වමින් එස්එල්එම්සී නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා අද මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මුස්ලිම් කොවිඩ් භූමදානය කිරීමට අවසර දීම සම්බන්ධයෙන් මෑතකදී කළ ප්‍රකාශය පිළිනොගෙනීමෙන් රජය අගමැතිවරයා ලැජ්ජාවට පත් කර ඇති බවය.
එස්එල්එම්සී නායකයා කියා සිටියේ මෙම ගැටුමෙන් පෙනී යන්නේ රජය නිවැරදි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවය.
රජය දැන් මහජනයාට විහිළුවක් වී තිබෙන බවත් ඔවුන්ගේ ක්‍රියාවන් ජාතියේ යහපතට හේතු නොවනු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසුවේය.