බස්නාහිර පළාතේ ලංකා සතොස වෙළඳසැල් 75කදී සහන මිලට එළවළු අලෙවි කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 26කදී, ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 41 කදී සහ කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන අටකදී මෙලෙස සහන මිලට එළවළු අලෙවි කරන බවය.
මිල අධික කැරට්, ලීක්ස්, බීට්රූට්, වට්ටක්කා, වම්බටු, අමු මිරිස් සහ ගෝවා වැනි එළවළු මෙහිදී ලබාගත හැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර අර්තාපල් අඩු මිලට ලබාදීමට රජය පහසුකම් සළසා ඇති අතර, දේශීය ගොවියාගේ අර්තාපල් නිෂ්පාදනය සඳහා සාධාරණ මිලක් ලබාදීමටද අවධානය යොමුකරමින් සිටි.