බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය මගින් දේශීය ඇගළුම් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අපේක්ෂාවෙන් “අත්කමින් ලොවක් දිනන්න” යන තේමාව පදනම් කරගනිමින් දීපව්‍යාප්තව බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ආරම්භ කිරීම සිදු කිරීමට සැලසුම්කර තිබේ.
ග්‍රාමීය ජනතාවගේ ආදයම් මට්ටම සුරක්ෂිත කරමින්,ස්වයං ව්‍යාපාර ක්ෂේත්රයෙහි ඉහළ පිබිදීමක් ඇතිකිරීම හා දේශීය ඇගළුම් නිෂ්පාදන වලට නිසි වෙළදපලක් හිමිකරදීම මෙහි මූලික අරමුණ වේ
බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ඇති කිරීමේ ව්‍යාපෘතියේ තෙවන සමාරම්භය පොළොන්නරුව, තමන්කඩුව, නව නගරයෙහි ඇති ග්‍රාම සංවර්ධන ගොඩනැගිල්ලෙහිදී සිදු විය