ඉන්දියාවේ සංචාරක සීමා දැඩි කරයි

දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හඳුනාගත් කොවිඩ් නව ප්‍රභේද ඉන්දියාවෙන් ද වාර්තා වීම හේතුවෙන් නව සංචාරක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ නව ප්‍රභේදයේ ආසාදිතයින් 187 දෙනෙකු ද හඳුනාගෙන ඇත.

බ්‍රිතාන්‍යය, යුරෝපය සහ මැදපෙරදිග රටවල සිට පැමිණෙන පුද්ගලයින් හැර සෙසු රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා එය අදාළ වන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ මාර්ගෝපදේශ මාලාව නිකුත් කරමින් පවසයි.

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව වෛරසයේ ආසාදිතයින් සිව් දෙනෙකු සහ බ්‍රසීලයෙන් හඳුනාගත් වෛරසයේ එක් ආසාදිතයෙකු මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.