ආදාහන ගැන එක්සත් ජනපදය කලකිරීමෙන්

අනිවාර්යය ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය වෙනුවට භූමදානය කිරීමට ඉඩ ලබාදෙන බවට අග්‍රාමාත්‍යවරයා සඳහන් කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍යවරයා සහ රජය පසු බසින බව දැකීමෙන් කනස්සලට පත්ව ඇති බව මෙරට ඇමරිකානු තානාපතිනි අලයිනා බී. ටෙප්ලිට්ස් පවසයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් පළකරමින් ඇය කියා සිටින්නේ මෑතකදී සම්මත වූ ප්‍රජාතන්ත්‍රවාදී රජයකින් ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම්ව සඳහා වැඩි ගෞරවයක් ලැබිය යුතු බවය.

කෙසේවෙතත් මුස්ලිම් අදහන සම්බන්දයෙන් රජය මැදිහත් නොවන බවත් එය සෞක්‍ය අංශ වල තීරණයක් බවත් පසුගියදා ආණ්ඩුව පැවසුවේය. කැබිනට් මණ්ඩලයේ සම ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ගනු ලබන බවයි.

භූමදානය සඳහා අවසර ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෑතකදී පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය ගම්මන්පිල මහතා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තම පෞද්ගලික මතය බෙදාගෙන ඇති බවය.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට බලයක් නොමැති බව ඔහු ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.