එංගලන්ත සංචාරකයින්ට මෙරටට පැමිණිමට අවස්ථාව ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකතු කරමින් සඳහන් කරයි.
ඒ අනුව එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට පනවා තිබූ තාවකාලික සංචාරක තහනම ඉවත්කර තිබේ.
එරට කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් ව්‍යාප්තවීමත් සමගම එසේ තාවකාලික සංචාරක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කළේය.
එසෛ්ම අනුව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුව එක්සත් රාජධානියේ සිට පැමිණෙන මගීන් දින 14ක් නිරෝධායනය වියයුතු අතර සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණ අනුව PCR පරීක්ෂණ සඳහා ද මුහුණදිය යුතුය.