අශන්ති වරුනසුරිය
විමල් විරවංශ මහතා සිදු කල වැරැද්ද පෙන්වා දුන් බවත් එය නිවැරදි නොකර සිටීම ඔහුගේ දේශපාලන සදාචාරයේ ප්‍රශ්නයක් බව පොදුජන පෙරමුණේ පක්ෂ ලේඛම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.
පසුගියදා අමාත්‍ය විමල් විරවංශ මහතා පුවත්පතකට සිදුකල ප්‍රකාශයක් සම්බන්දයෙන් සමාව ගත යුතු බවට පක්ෂ ලේකම් කාරියවසම් මහතා පවසා තිබු අතර එම කතාව ආරම්භයා මේ වන විට බොහෝ මත ගැටුම් ඇති වී ඇති බව වාර්තා වේ.
එක හුදෙක් රටේ අනෙක් ප්‍රශ්න වැසීමට පොදුජන පෙරමුණ විසින් ගෙන ගිය මාධ්‍ය සංදර්ශනයක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කල අතර විපක්ෂය පැවසුවේ මෙය හුදෙක් පොදුජන පෙරමුණ පක්ෂය තුල ඇති ගැටුමක් ලෙසටය.
කෙසේවෙතත් අමාත්‍ය විමල් විරවංශ මහතා සමාව නොගත්තොත් පක්ෂ පැත්තේ ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ගැන කලම්බෝ ගැසට් අප විමසු විට කරුයවසම් මහතා පැවසුවේ එවන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවය. එමෙන්ම පුද්ගලික හෝ පක්ෂ ආරවුලක් මතභේදයක් ගැටුමක් ඇමති විමල් සමඟ තමන්ට නොවූ බවත් පක්ෂයේ ලේකම් වරයා ලෙස තමන් පක්ෂය ආරක්ෂා කර ගැනීම උදෙසා එම අවස්ථාවේ ඔහුගේ වැරැද්ද පෙන්වා දුන් බවත් කාරියවසම් මහතා වැඩි දුරටත් පැවසුවේය. තමන් එම අවස්ථාවේ ඔහුගේ වැරැද්ද පෙන්වා නොදුන්නා නම් එය ලේකම් විදියට තමන්ගේ රාජකාරිය තමන් පැහැර හැරීමක් යැයිද ඔහු පේනවා දුන්නේය.
වැරද්දක් වූ විට එය නිවැරදි කර ගැනීමේ යුක්තිසහගත බවත් තිබිය යුතු බවද පැවසු කාරියවසම් මහතා වැරැද්ද නිවැරදි කර නොගෙන අනෙකාගේ වැරදි, ජේෂ්ඨභාවය හෝ අනෙකාගේ අඩුපාඩු හෝ ගතු කියවීම තුල පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ දේශපාලන සදාචාරයේ තරම බවද පැවසුවේය.