MS Dohni The Untold Story චිත්‍රපටයේ රඟපෑ තවත් නළුවෙකු සියදිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවාට රඟපෑ සුෂාන්ත් සිං රාජ්පුත් ද පසුගිය වසරේදී සියදිවි නසා ගත්තේය.
මුම්බායි පොලිසිය සඳහන් කරන්නේ සන්දීප් නහාර් නම් නළුවා ඊයේ (15) දිනයේදී සියදිවී නසා ගෙන ඇති බවය. නහාර්, MS Dhoni චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ සුෂාන්ත් ගේ මිතුරෙක් ලෙස එම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදී තිබුණා.
සන්දීප් නහාර් ඇද ඇතිරිල්ලක් ආධාරයෙන් විදුලි පංකාවක එල්ලීමෙන් සියදිවි නසා ගෙන ඇත.
මෙම මරණය සියදිවි නසා ගැනීමක් ද එසේත් නොමැති නම් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවී ඇති බව පවසන එය සැකහැර දැන ගත හැක්කේ මරණ පරීක්ෂණයෙන් පසුව බවයි පැවසේ.