ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි මෙරටට ලබාදීමට ඉන්දීය මහකොමසාරිස් සමග කළ සාකච්ඡාවේදී එකඟතාව පළ කර ඇත.
පසුගිය ඉරිදා දිනයේ පැවති එම සාකච්ඡාවේ දී පැවති සියලු අර්බුද නිමා කරගත හැකි වු බවත් 2017 වසරේ අත්සන් තබන ලද ගිවිසුමේ ඇති විදිවිදාන අමතක කර රජය විසින් ඉදිරිපත් කළ කොන්දේසි සියල්ලට ඉන්දීය මහකොමසාරිස්වරයා සිය එකඟතාවය පළ කළ බවත් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“2003 සිට අපිට අහිමිවුණ අපේ මහා සම්පතක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින් අප සතු වන බව අපි ඉතාම ආඩම්බරයෙන් පවසනවා. එහිදී ත්‍රිකුණාමලය ආසන්නයේ ඇති නැව්වලින් බහුතරය ඉන්දියාවට අයත් වෙන්නේ. ඒ නිසා ඒ වෙළෙඳපොළ ළඟා කර ගැනීමට ඉන්දියාවේ සහයෝගය අත්‍යාවශ්‍යයි. ඒ නිසා ලංකා අයිඕසී සමාගම එක්ක එකතු වී එම තෙල් ටැංකි සංවර්ධනය කරලා ශ්‍රි ලංකාවට දැවැන්ත විදේශ විනිමයක් සපයන තැනක් බවට නුදුරේ පත්කරන බවට ජාතියට ප්‍රතිඥා දීමට කැමතියි.“