ඉන්දියාවට හෝ වෙනත් කිසිදු රටකට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට අයිතියක් නෑ.

ඉන්දියාව හෝ වෙනත් කිසිදු රටකට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ කිසිදු අයිතියක් නොමැති බවත් මෙරට ස්වෛරීභාවයට හෝ භෞමික අඛණ්ඩතාවයට අබමල් රේණුවක හෝ හානියක් සිදුවීමට වත්මන් රජය ඉඩ නොතබන බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඉන්දියානු භාරතිය ජනතා පක්ෂයේ ආණ්ඩුවක් මෙරට පිහිටුවීමට කටයුතු කරන බවට ඉන්දියානු ස්වදේශ කටයුතු ඇමතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කල ප්‍රශ්ණ වලට
පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසුවේය.
“ 2015 දී යහපාලන ආණුඩව බිහිවූයේ ඇතැම් විදේශ රටවල සහයෝගයෙන්.ඒක හංගන්න දෙයක් නෙමෙයි.ඊට පස්සේ ආණ්ඩුව ඇතැම් විදේශ රටවල රූකඩයක් විදියට තමයි ක්‍රියාත්මක වුණේ.
එහෙම ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරපු ඇතැම් අය තවමත් හිතාගෙන ඉන්නේ බලයේ තියෙන්නේ ඒ වගේම ආණ්ඩුවක් කියලා.ඒ නිසා විවිධ බලපෑම් එනවා.අපි ශක්තිමත් ආණ්ඩුවක්.අපිට ඕනෑම බලපෑමකට මුහුණ දෙන්න පුළුවන් යැයි ඔහු පවසයි.
ලංකාව තුල පක්ෂයක් ඡන්දය ඉල්ලනවා නම් ලියාපදිංචි වෙන්න ඕන.ඉන්දියාවේ ඉඳන් මෙහෙ දේශපාලන පක්ෂ පිහිටුවන්න බෑ.ඕවා දේශපාලන වාසි ගන්න කරන ප්‍රකාශ.ඒවාට අපි කලබල වෙන්නෙ නෑ.
නිල වශයෙන් ඉන්දියානු රජය ප්‍රකාශය කලොත් රජයත් නිල වශයෙන් ඊට ප්‍රතිචාර දක්වාවි.
දෙමළ සන්ධානය හැමදාම කටයුතු කලේ ඒ අයගේ වාසියට.අවුරුදු ගණනක් යහපාලනය එක්ක දීග කෑවා.මොනවද උතුරේ ජනතාවට කලේ.අදත් ඔවුන් කටයුතු කරන්නේ මේ රටේ ජාතිභේදය අවුස්සන්නයි.ඒ නිසා ඔවුන් ඉන්දියාවට හා පිටරටවලට කේලම් කියන එක සාමාන්‍ය දෙයක්.
නමුත් අපි කොටි ත්‍රස්තවාදයට නම් නැවත රට තුල හිස ඔසවන්න ඉඩ තබන්නේ නෑ.ඒ වගේම ප්‍රභාකරන්ට යුද්ධයෙන්
දිනාගත නොහැකි වූ දේ රිදී බන්දේසියක තබා දෙන්නත් අපි ලෑස්ති නැහැ.
මොන විදියේ යෝජනා ක්‍රියාත්මක කරන්න හැදුවත් මේ රට තුල ඒ සඳහා ඊට ඉඩක් ලැබෙන්නේ නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.