බි‍්‍රතාන්‍යය දැඩි කොවිඩ් අවදානමක

කොවිඩ් වැළදීමේ හැකියාවක් පැවතිීම හේතුවෙන් බි‍්‍රතාන්‍ය ජාතිකයන් ලක්ෂ 17 ක් පමණ අවදානම් තත්වයක සිටින බව හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

වයස සහ සෞඛ්‍ය තත්වය වැනි කරුණු ගණනාවක් සම්බන්ධයෙන් බලධාරින්ගේ අවධානය යොමු වී ඇති අතර ඒ අනුව වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන් සදහා මූලිකත්වය ලබා දෙමින් අවදානම් සහගත කණ්ඩායමට කඩිනමින් එන්නත ලබාදීමට කටයුතු කරන බව බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිටත් බි‍්‍රතාන්‍ය ජාතිකයන් මිලියන 15 ඉක්මවූ පිරිසකට එන්නතේ පළමු මාත‍්‍රාව ලබාදී අවසන්ය. එන්නත්කරණ වැඩසටහන මගින් රට තුළ පනවා ඇති සීමා ලිහිල් කිරිමට හැකිවනු ඇති බවයි අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.