නිධානයකින් ලබාගත් රත්‍රං තොගයක් විකිණීමට බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් කොල්ල කෑ කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම හෙරොයින් කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 250ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල මඩපාත, බටුවන්දර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් එම හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටිය දී කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අනුබල ලබාදී ඇති බවට සැකකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07 ක රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරිම් සිදුකිරීමට නියමිතය.