කොවිඩ් නිසා මිය ගිය නාගරික මන්ත්‍රීගේ අවසන් කටයුතු සිදුකෙරේ 

කොවිඩ් ආසාදනය වී මියගිය අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (16) අම්බලන්තොට ලුනව ආදාහනාගාරයේදී සිදු කර ඇත.

කොවිඩ් ආසාදනය වී හම්බන්තොට මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා (15) පස්වරුවේ මියගොස් තිබුණි. ඒ අනුව අම්බලන්ගොඩ නගර සභාවේ නගර සභා මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතාට පැන්වඩා පින් අනුමෝදන් කිරීමේ ආගමික වතාවත් සභාපති, උප සභාපති, නගර සභා මන්ත්‍රීවරුන් හා කාර්‍ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් නගර සභා භූමියේදී ඊයේ 16 සිදුකර ඇත.

ඊයේ (16) කොවිඩ් මරණ 06ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 409 කි. මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, විලඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිලියන්දල  ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නයිනමඩම ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.