විදුලි ටෙන්ඩරයට චීනයෙන් අභියාචනයක් ඒවා නැති බව ඩලස් කියයි

අශන්ති වරුනසුරිය

කැලණිතිස්ස විදුලි බලාගාරයේ භාවිතයෙන් ඉවත් කිරීමට නියමිත විදුලි බලාගාරයක් වෙනුවෙන් අලුත් බලාගාරයක් ඉදිකිරීම සඳහා කැඳවනු ලැබූ ටෙන්ඩරයක් අවලංගු කිරීම ගැන එම ටෙන්ඩරය හිමිවූ චීන සමාගම අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට පල වන වාර්තා බොහොමයකි.

2020 ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මඟින් එම ටෙන්ඩරය අහෝසි කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සලකා බලා ඇත. මෙම ටෙන්ඩරය අවලංගු කිරීමට හේතුව වශයෙන් එහිදී සඳහන් වී ඇත්තේ මුදල් නොමැති කම මත බව විදුලි බල ශක්ති අමත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අප කලවිමසිමට පිළිතුරු දෙමින් පැවසීය. චීන සමාගමේ අභියාචනය සම්බන්දයෙන් අප කල විමසුමට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ එවන් අභියාචනයක් මෙතෙක් නැති බවය. සමහර විට ටෙන්ඩර්කරුවන් විසින් විවිධ මඩ ප්‍රචාරණය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

චයිනා නැෂනල් ටෙක්නිකල් ඉන්වෙස්ට්මන්ස් ඇන්ඩ් එක්ස්පෝටර්ස් කෝපරේෂන් සමාගම මෙම අභියාචනය විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරාට යොමු කරමින් එහි පිටපත් විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු පිරිසකට යොමු කර ඇති බවත් මෙගාවොට් 105කින් යුත් විදුලි බලාගාරයක් සඳහා මෙම ටෙන්ඩරය 2019 වර්ෂයේදී කැඳවා ඇති අතර ඒ සඳහා ඉදිරිපත් කරන ලද මිල ගණන් ඇගැයීමට ලක්කිරීමෙන් පසු එම චීන සමාගම තාක්ෂණික ඇගැයීම් කමිටුව නිර්දේශ කර ඇති බව අභියාචනයේ සඳහන් කර ඇති බවත් මේ සම්බන්දයෙන් පල වන වාර්තා වල සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.