වත්මන් රජය සහන ලබා කිසිදු භේදයෙන් තොරව – අනුරාධ

සෞභාග්‍ය වැඩ සටහනට සමඟාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරි කේෂ්ත්‍රය නඟා සිටුවීම මුල්කරගනිමින් වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ මහකිතුල හා මහකිරුළ ජලාශවල ඉදිකිරීම් කටයුතු යාපහුව ඉරුදෙනියාය කෝන්ගහ මංසන්ධියේ දී ආරම්භ විය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 10.8 ක් වැය වන අතර වසර තුනකදී නිමකිරීමට සැලසුම්කර ඇත. වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 90ක් දිග ඇළ මාර්ගයක්, මීටර් 25ක් පමණ උසැති වැව් බැමි සහිත මහකිරුළ සහ මහකිතුළ ජලාශ දෙකක්, උමං ජල මාර්ග පහක් මඟින් ගලේවෙල, පොල්පිතිගම, මහව සහ ඇහැටුවැව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව පවතින මහා වැව් හතකට හා කුඩා වැව් 350 කට දෙකන්නයේම වගා කිරීම සඳහා අවශ්‍ය ජලය 2024 වර්ෂය වන විට ලබාදීමට අපේක්ෂිතය.

ව්‍යාපෘතියේ වාර්ෂිකව ජලය අක්කර අඩි 105000 ක් පමණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයට හරවා යල-මහ දෙකන්නයේම වගා කටයුතු සඳහා ගොවිබිම් හෙක්ටයාර 13000 කට වාරි ජලය සපයමින් දැනට පවතින වකුගඩු රෝගයට හේතුවන පානීය ජල ගැටලුව අවම කිරීම වෙනුවෙන් වාර්ෂිකව ජලය අක්කර අඩි 8100 ක් ද මෙහි ඉලක්ක ප්‍රදේශවලට සපයාදීම සිදු වේ.

මෙම වයඹ පළාත් මහ ඇලේ අවසන් අදියරේ වැඩ ආරම්භ කිරීමට ලැබීම අප ලැබූ විශාල ජයග්‍රහණයක් යැයි මා සිතනවා. මෙම ව්‍යාපෘතිය යටතේ කි.මී.88.96 ක් දිග ඇල මාර්ගයකින් යුත් මී.25 ක් දිගැති වැව් බැමි සහිත වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතිය, මහ කිරුල සහ මහ කිතුල ජලාශ දෙකක් සහ කෙටි දිගකින් යුතු උමං ජල මාර්ගයකින් සමන්විත වන අතර මහ වාරිමාර්ග 07 කට සහ ග්‍රාමීය වැව් 326 කට දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය ලබාදීම 2024 වර්ෂය වනවිට සිදුකිරීම අපගේ අරමුණයි. මේ සඳහා වෙන්කර ඇතිමුදල රුපියල් මිලියන 51729ක් වනවා. ප්‍රතිලාභි පවුල් 40,000ක් වන අතර උග්‍ර ජල හිඟයක් පවතින ප්‍රදේශ වල පානීය ජල ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන ගමන් කෘෂි බිම් හෙක්ටයාර් 12,416ක් මෙම ව්‍යාපෘතිය තුළින් ආවරණය කිරීමේ හැකියාව ලැබෙනවා.

ග්‍රාමීය කුඹුරු, ආශ්‍රිත වැව්, ජලාශ සහ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා.

එසේම වාරි සෞභාග්‍යා වැඩසටහනට සමගාමීව වාරි සෞභාග්‍යා කාර්ය සාධක බලකාය පිහිටුවා වඩා කාර්යක්ෂමව වැව් පිළිසකර කිරිමේ ක්‍රියාමාර්ග අප විසින් ගෙන තිබෙනවා. වැව් පිළිසකර කිරීමේදී ඒවාට අදාල එල්ලංගා පද්ධති හදුනාගෙන ඒවාට හානි නොවන අයුරින් ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමටත් සියලුම වැව් මිනුම්ගත  කර අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමටත් , වැවේ ආරක්ෂාව සඳහා ගමේ පන්සල,පාසල,ගොවි සමිතිය ,තරුණ පිරිස හා එක්ව රාජ්‍ය නිලධාරින් ඇතුළු වාරි කමිටුවක් පිහිටුවා ඒ අයට වැව රැකගැනීම සම්බන්ධව අවශ්‍ය දැනුම අප වාරිමාර්ග ඉංජිනේරු අංශය මඟින් ලබාදීමට අපි විසින් කටයුතු සිදු කරමින් යනවා. විශේෂයෙන්ම අලි මිනිස් ගැටුමට හේතුවක් වශයෙන් අප හදුනාගත්තේ වනජීවි වන සංරක්ෂණ කලාප තුල පවතින කුඩා වැව් ජලය රදවා ගැනීමට අපොහොසත් තත්ත්වයට පත්ව තිබීම නිසා වන සතුන්හට පානීය ජලය නොමැතිකමයි. අපි එවැනි වැව් හදුනාගෙන පිළිසකර කිරීම දැනටමත් ආරම්භ කර තිබෙනවා.මෙම කටයුත්තේදී වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල නිලධාරි මහත්ම මහත්මීන් අපහට විශාල සහයෝගයක් ලබාදීම සම්බන්ධයෙන් මම ඉතා සන්තෝෂ වෙනවා.

ගරු අග්‍රාමාත්‍යයතුමනි, “ගම සමඟ පිළිසදරක් සමඟින් වැඩ සමඟ යළි ගමට” වැඩසටහනේ දී, කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ ජනතාව ඔබතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව පොල්පිතිගම වනජීවි කලාපය තුල ඇති කළමඩුවාව වැව ප්‍රතිසංස්කරණ කටයුතු දැනටමත් අප විසින් ආරම්භ කොට තිබෙනවා. එසේම මෙම වැව් ප්‍රතිසංස්කරණයේදී ප්‍රදේශවාසින්ගේ පානීය ජල ගැටලු සඳහා ද විසදුම් ලැබෙන පරිදි වඩාත් ප්‍රායෝගික වැව් තෝරා ගැනීමට අප කටයුතු කරනවා. කෘෂිකර්ම ආර්ථික රටාවක් පවතින අප රට තුල ගොවි ජනතාවගේ අත්‍යවශ්‍යය ජල ගැටලු විසදමින් පුරන් කුඹුරු යළි අස්වද්දවා මේ රට වඩා යහපත් හෙට දවසක් කරා ගෙනයාම තුලින් වර්තමාන දරු පරපුරට මෙන්ම අනාගතයේ උපදින දරු පරපුරටත් වාරි සෞභාග්‍යයේ ප්‍රතිඵල  භුක්තිවිදීමට සැලැස්වීම අපගේ අරමුණයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.