එජාපයේ පුද්ගල ප්‍රශ්ණ

මේවන විට රටටම බලපාන කොවිඩ් ප්‍රශ්ණය හමුවේ පළාත් පාලන ආයතන වලට විවිධ ගැටළු මතුවී තිබේ. මාතරද එවැනිම කොවිඩ් අවදානමේ පසුවේ. සියල්ල හමුවේ එජාප පක්ෂ සංවිධායක නාගරික මන්ත්‍රී උපුල් නිශාන්ත සමඟ අප කල සංවාද සටහනකි මේ.

  • අශන්ති වරුනසුරිය

කොවිඩ් ප්‍රශ්නෙන් පටන් ගමු නේද ?

මම දේශපාලන රාමුවකින් නෙමෙයි. මේක ජාතික මෙන්ම ජාත්‍යන්තර ප්‍රශ්නයක්. ඒ නිසා අපි පක්‍ෂයක් විදියට එක පැත්තකට කොටු නොවී මේ දෙස බලන්නාව. තාම අපේ රටට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒවගේම පූර්ව රෝග නිවරාණන් නැහැ. ඉදලා ලෙඩ්ඩු ගෙනියන විදියෙන් වුණේ මිනිස්සු භය වුන එක අන්තිමට මිනිස්සු පැනලා යන තත්වෙට මානසිකව වැටුණා. යාන්ත්‍රණයක් කොරෝනා වලට ක්‍රියාත්මක වුණේ නැහැ.

රජය කල හැකි උපරිම දේ කරනවා කියල හිතෙන්නේ නැත්ද ?
මොනාහරි වෙන එක නෙමෙයි හරි දෙයක් හරියට වෙන්න ඕන. මේවගේ වෙලාවක පක්ෂ ගැන කතා කරලා පටු කෝණයකින් මේක බලන්න මම කැමති නැහැ. මිනිස්සුන්ගේ ජිවිත බේරෙන්නයි අවශ්‍ය. දේශපාලනය නෙමෙයි මොන දේ කරන්නත් ජිවිතේ තියෙන්න ඕන මුලින්. අපේ නායකතුමා මුලදීම කිවුවා ඉන්ධිය ධීවරයෝ එන එකෙන් මේක වැඩි වෙනවා. මේක බලන්න කියලා. ඒවා ගණන් ගත්තේ නැහැ. වැඩිය ඕන නැහැ. එක පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක්ගේ දුවෙක්ට කොරෝනා හැදිලා අරන් ගිහිං. ඒ ළමයට කන්න නැහැ කියලා මාත් එක්ක කියලා ඇඩුවා. මම කියන්නේ හරි යාන්ත්‍රණයක් නැහැ කියන එක. මාතර ගත්තම නගරාධිපති හිතුමතේට වැඩ කරනවා. මේක තීරණාත්මක වෙලාවක් පාටපක්ෂ පැත්තක තියලා වැඩ කල යුතු වෙලාවක්. ගමේ මනුස්සයා හොදටම වැටිලා ඉන්නේ. . පුංචි තැනට පහර වැදුනම සම්පුර්ණයෙන් සමස්තයම වැටෙනවා. ගඟේ දාන්න මුට්ටි ගත්තට ආණ්ඩුවට, රටේ සල්ලි නැහැ.

එන්නත්කරණ වැඩපිළිවෙලා හොදට යනවා කියලයි අපිට නම් පෙන්නේ ?
කොච්චර එන්නතක් ගෙන්නවා කිවුවට රටේ සල්ලි නැහැ හරි එන්නතක් ගන්නත්. අපි කියන්නේ, එන්නතක් ගේන්න. පුද්ගලිකවත් ලබා ගන්න පුළුවන් විදියට ක්‍රමයක් හදලා, පාලන මිලක් දාලා එය ඕනෑම කෙනෙක්ට ලබා ගන්න පුළුවන් වෙන විදිහක් සැකසෙන්න ඕන.

මොන කිවුවත් එජාපය ෆේල් වෙලා. බිමටම වැටිලා නේද ?
මේක දිගුකාලින දේශපාලන සංස්කෘතීන් අතර ප්‍රශ්නයක්. පාදඩ දේශපාලන සංස්කෘතියකට තමයි අද තැන තියෙන්නේ. බලන්න අද දේශපාලන චරිත ගත්තම වැඩි තැන තියෙන්නේ වාචාල අයට. මේවට විකල්ප ආදේශන හොයන්න ඕන. එවන් විකල්ප සමාජ මතවාදයක් නියෝජනය කල හැකි එකම පක්ෂය එජාපය. මම පක්ෂේ මතය ඉදිරියට අරං යනවා. කාටවත් මඩ ගහන්නේ නැහැ. පක්ෂයේ අඩුපාඩු, පුද්ගල අඩුපාඩු මත ගැටුම් තියෙන්න පුළුවන්ය.

ඔබ පිළිගන්නා ඔබේ නායකයා කවුද ?
වර්තමාන එජාප නායකතුමා

ඔබ කියන දේශපාලන සංස්කෘතිය ඇති කරන්නේ කොහොමද ?
සංවාද ඇති කල යුතුයි. දැනුම බෙදා දිය යුතුයි. මේවගේ වෙනස් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කල යුතුයි. ඉස්සර එහෙම තිබ්බා. අද ප්‍රෙස් එකක් තියනවා අවශ්‍ය දේ කියනවා නාලිකාවල හිතවත්කම් මත අන්තිම එක එක දේවල් වෙනවා. ලංකාවට තියෙන පිහිටීමේ වාසිය ගන්නේ කොහොමද කියලා දන්නේ නැතුව බොරු සටන් පාඨ දාගෙන යන ගමනක් මේක.

මොන කිවුවත් එජාප නායකත්ව ගැටුම බිම්මට්ටම කෙලසුවා ..
මම බලන්නේ වෙන විදියකට අපිත් ප්‍රාදේශීය නායකයෝ නම් මිනිස්සු කියන දේ අහගෙන කඩා වැටෙන එක නෙමෙයි අපි කරන්න ඕන. දේශපාලන සංස්කෘතීන් ඇති කර ලීමට වග බලා ගැනීම අපේ වගකීම. පසු බැසීම්, පරාජයන් තියෙනවා. අඩුපාඩු තියෙනවා. පාදඩ දේශපාලනකරණය නිසා වෙනස් වෙලා ගියාට සමහරු එජාපය තවමත් ඒ පාදඩ දේශපාලනකරණයට ගොදුරු කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.