යතුරු පැදිකරුවන් විසින් ෆුල් ෆේස් හෙල්මට් භාවිත කිරීම තහනම් කිරීම සදහා පොලිස්පතිවරයා නිකුත් කළ උපදේශන චක්රලේඛණය නීත්‍යානුකූල නොවන බැවින් එය ක්‍රියාත්මක නොකරන ලෙසට පොලිස්පතිවරයා වෙත නීතිපති උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව ෆුල් ෆේස් හෙල්මට් පළදින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.
වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග නැමැති යතුරුපැදිකරුවෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මේ බව දැනුම් දී ඇත.
පෙත්සම අද දින යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා සදහන් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ 2017 අංක 2 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි යටතේ මෙම නඩුව ගොනු කර ඇතත් මේ වන විට එම රෙගුලාසි බල ශූනය කර ඇති බව පොලිස්පතිවරයා දැනුම් දි ඇත