මුස්ලිම් කොරෝනා වෛරස් අසාදිත මල සිරුරු ආදාහනය පිළිබඳ ප්‍රශ්නයට කැබිනට් මණ්ඩලය මැදිහත් නොවන බව දැනීම් දී තිබේ.
කැබිනට් මණ්ඩලයේ සම ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ගනු ලබන බවත් කැබිනට් මණ්ඩලය මැදිහත් නොවන බවත්ය.
භූමදානය සඳහා අවසර ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෑතකදී පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය ගම්මන්පිල මහතා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තම පෞද්ගලික මතය බෙදාගෙන ඇති බවය.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට බලයක් නොමැති බව ද ඔහු පැවසීය.
ඒ අනුව කොරෝනා වෛරස් වසංගතයට අදාළ තීරණ ගැනීමේ බලය ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට පමණක් බව අමාත්‍ය ගම්මන්පිල මහතා පැවසීය.
COVID-19 ට අදාළ දැනට පවතින නීති මේ වන විට නොවෙනස්ව පවතින බව කැබිනට් සම-ප්‍රකාශක වැඩිදුරටත් පැවසීය.
සුසාන කටයුතු සම්බන්ධයෙන් රජය තුළ ඇති විය හැකි මතභේදය පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.