වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කොවිඩ් නව රේගුලාසි පනවා ඇත. ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා සහභාගී විමට අවසර ලබාදී තිබු අමුත්තන් 150 ක සංඛ්‍යාව 50ක් දක්වා අඩු කිරිමටත් සහ අවමංගල උත්සවයක් පැය 24 කින් පවත්වා අවසන් කිරිමට තීරණය කර ඇත.
සෞඛ්‍ය බලධාරීන් සමග ඊයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
පවත්වනු ලබන උත්සව, අවමංගල උත්සව සහ රාත්‍රි සමාජ ශාලා සම්බන්ධයෙන් සීමාවන් පැනවීමට තීරණය කළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මිය පවසයි.
රජයේ මහජන සෞක්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාද පැවසුවේ නිල බලය මුදල් පාවිච්චි කරමින් නිරෝධායන නීති උල්ලංගනය කරන බවට ප්වුන්ට තොරතුරු ලැබී ඇති බවය.
සියල්ල හමුවේ රටම අවදානයට නොදමන්නැයි ලෙස ඉල්ලමින් ඔහු පවසන්නේ කිසිදු අයුරකින් ගෘහස්ත පැවැත්වෙන උත්සව වලට අවසර ලබා නොදෙන බැවින් ඒවාට අවසට ඉල්ලා මහජන සෞක්‍ය පරික්ෂවරුන් හමිවිමය නොඑන ලෙසටය .