ලොව පැරණිතම බියර් කර්මාන්තශාලාව ලෙස සැලකෙන ස්ථානය පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගෙන ඇත. එය වසර 5,000ක් පමණ පැරණි බවට සාධක හමුවී ඇත.
ඒ අනුව මෙම සොයා ගැනීම සිදුව ඇත්තේ ඊජිප්තුවේදී කැණීම සිදුකර මතුකර ගැනීමෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊජිප්තු සහ අමෙරිකානු පුරාවිද්‍යාඥයින් පිරිසක් සිදුකළ කැණීම්වලදී එය හමුවී තිබේ.
එම බියර් නිෂ්පාදනාගාරය ඊජිප්තුවේ අබිඩොස් නම් ප්‍රදේශයේ කාන්තාර ප්‍රදේශයකින් හමුවී ඇත.
වසර 5,000කට පෙර ඊජිප්තුව පාලනය කළේ නාර්මර් නම් රජෙකු වන අතර ඔහු ඊජිප්තුව එක්සත් කර පළමු රාජ වංශය බිහිකළේ එම රජු ලෙස සැලකේ.