කොරෝනා නව ප්‍රභේදය පිළිබඳව රට දැඩි අවධානයෙන් පසුවන බැවින් සංචාරකයින්ගෙන් ඈත්ව සිටින ලෙස සෞක්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ සංචාරකයින් ට්‍රැවල් බබල් ක්‍රමයට පමණක් සීමා වී ඇති අතර සමහර ප්‍රදේශවාසීන් විදේශිකයන් සමඟ සම්බන්ධ වීමට උත්සාහ කරනු ඇතැයි යන බියක් පවතින බවය.
සංචාරකයින් ගණනාවක් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින අතර ස්ථාන කිහිපයක හෝටල්වල නවාතැන් ගෙන සිටිති. සංචාරකයින් සමඟ කිසිදු සම්බන්ධයක් ගොඩ නොගන්නා ලෙස අපි ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිමු යනුවෙන් වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.
වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ සංචාරකයින් සමඟ යමෙකු සම්බන්ධ වුවහොත් ඔවුන් වෛරසය වැළඳිය හැකි බවය. එමෙන්ම ආගමික උත්සව ඇතුළු සියලු ආකාරයේ රැස්වීම්වලින් වළකින්නැයි ද සෞක්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන බැවින් මහජනතාව මහජන රැස්වීම්වලින් වැළකී සිටිය යුතු බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.