ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා මාර්ගගත ක්‍රමය යටතේ සිදු කිරීමට සැලසුම්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පවතින වසංගත තත්ත්වය හමුවේ වුවද ඉතාලියේ ශ්‍රී ලංකා දූත මණ්ඩල අඛණ්ඩව මහජන සේවාවන් සපයන බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
අනුව වේලාව වෙන් කරගෙන ඉතාලියේ මිලාන් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලයේදී මර්ගගත ක්‍රමයට කොන්සියුලර් සේවා ලබා ගැනීමට හැකිය.
කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව රෝමය සහ මිලාන් නගරවලින් පිටත තෝරාගත් ස්ථානයන්හිදී ද ජංගම කොන්සියුලර් සේවාවන් සැපයීමට කටයුතුකර ඇත.