ඉන්දියාවේ එන්නත සියයට 100% සාර්ථක නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය

ඉන්දික ශ්‍රී අරවින්ද

ඉන්දියාවෙන් මෙරටට ලබා දුන් කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඇස්ට්‍රා සෙනෙකා එන්නත එන්නත් කර ගනු ලැබූ වෛද්‍යවරුන් දෙදෙනෙකුට සහ හෙදියන් දෙදෙනෙකුට යළිත් කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුත්,හෙද නිලධාරිනියකුත් සහ ද සොයිසා කාන්තා රෝහලේ හෙද නිලධාරිනියකුත් සිටින බවයි පැවසෙන්නේ.
මේ අතර ගනේමුල්ල ප්‍රදේශීය සෞඛ්‍ය සේවිකාවක් මෙම එන්නත ලබා ගැනීමෙන් අනතුරුව මෙසේ ආසාදිත වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.
ඇය කොරෝනා එන්නත ලබාගෙන සති දෙකක් ඇතුළත වෛරසය ආසාදනය වී ඇති අතර ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ ඉන්දියාවෙන් මෙරටට ලබා දුන් ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතා කිරීම නිසා සියයට 100% කොවිඩ් නොවැලෙදනවා කියන්න බැහැ.
එන්නත එන්නත් කිරීමෙන් පසුවද කොවිඩ් වෛරසය වැළඳ වීමේ සම්භාවිතාවයක් ඇති වීමේ ඉඩ කඩ මෙන්ම එයින් සංකුලතා තත්වයක්ද පවතින බවයි.
ඒ අනුව එම එන්නත සියයට 100%ක් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම පිළිබඳව සහතික විය නොහැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
මේ අතර කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබා දෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඊයේ (15) සිට ජනතාවට ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
බස්නාහිර පළාතෙන් එය ආරම්භ කරන අතර මුල් අදියරේ කොවිඩ් 19 වෛරසය ආසදනය වීමට වැඩි ඉඩකඩක් ඇති අවදානම් කලාප වල සිටින ජනතාව සඳහා එන්නත ලබා දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.