සිහින කුමරු නික්ම ගොස් වසර 33 යි

මිනිසුන් අතරින් නළුවන් සොයාගත හැකි වුවද නළුවන් අතරින් මිනිසකු සොයාගන්නවා නම් ඒ “විජය කුමාරතුංග” බව ප්‍රකට මතයකි. අයුක්තිය අසාදරණය රජ කරන්න මේ ලොකේ යුක්තිය සදාරණත්වය වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මම” ඔහු එදා නිතරම කියූ පාඨයකි.

සිංහල සිනමාවේ සිහින කුමරා ලෙස විරුදාවලිය ලත් විජය කුමාරතුංග ඝාතනය කර පෙබරවාරි 16 වැනි දිනට වසර 33 ක් සපිරේ. මිට වසර 33කට පෙර අද වන් දිනක විජය ඝාතනය කරන ලද්දේ 1988 පෙබරවාරි 16 වැනිදා ය. එසේ නොවන්නට ඔහුට මේ රටේ විධායක ජනාධිපති ධූරයට පත්වන්නට හොඳටම ඉඩ කඩ තිබුණු බව විචාරකයෝ කලාකරුවෝ පවසති.

මනුස්සකමින් පිරිපුන් විජය කුමාරතුංග නම් වූ මේ අසහාය යුග පුරුෂයාගේ හඬින් ගැයූ ගීත ද අදටත් ප්‍රචලිතය. ඔහුගේ රඟ පෞරුෂයට සම කල හැකි නොවන බවද ප්‍රවීණ කලාකරුවෝ පවසති. සියල්ල හමුවේ මේ වන විට මෙම අසහාය රංගවේදියා සමරනු වස් නාලිකා කිහිපයකම විජය ප්‍රත්‍යාලෝකනය නමින් ඔහු දායක වූ චිත්‍රපට විකාශන කෙරේ.

සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වන අතර , ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබීය.

මුල් නාමය විජය කුමාරණතුංග වුවත් පසුකලෙක තම නාමය විජය කුමාරතුංග ලෙස වෙනස්කර ගෙන ඇත. විජය කුමාරතුංග 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලබා ඇත. පියා කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගම්මුලාදෑනි වූ අතර මව බියට්‍රිස් කුමාරණතුංග වූවාය. පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි සිඩ්නි කුමාරණතුංග, විවියන් කුමාරණතුංග, රූපා කුමාරණතුංග වන අතර සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන් හිදී අධ්‍යාපනය හැදෑරීය. 1978 පෙබරවාරී 20 දින එකළ සිටි අගමැති වරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක(එස්.ඩ්බ්.ආර්.ඩී. බණ්ඩාරනායක) මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. මෙම දෙපලට දුවෙකු (යශෝධරා කුමාරණතුංග) සහ එක් පුතෙකු(විමුක්ති කුමාරණතුංග) ද සිටී. පදිංචිව සිටියේ අංක 4/4,පොල්හේන්ගොඩ පාර,කොළඹ 05. දරණ නිවසෙහිය. සිනමාවට අවතීර්ණ වීමට පෙර ‘සිතිජය’ නම් ගීත නාට්‍යයක රඟපා ඇත.

විජය කුමාරතුංගගේ ප්‍රථම චිත්‍රපටය හන්තානේ කතාව ඔහු එහි ප්‍රධාන චරිතය රඟනු ලැබූවා. ඉන් පෙර චිත්‍රපට දෙකක සහය චරිත රඟපා ඇත, ඔහු තම දිවි ඇතිතෙක් චිත්‍රපට 114ක ප්‍රධාන චරිතයට රඟපා ඇත. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර වේ. ඔහු විසින් දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. එය සිනමාවේ වාර්ථාගත පිහිටුවීමකි. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූවා. මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස් වසරකට පසුවයි. ඔහු සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගෙන ඇත ( “සහරාවේ සිහිනය”(1990) චිත්‍රපටයට – “වළාකුළක් ගෙන මුවා කරමු හිරු දොළොස් මහේ පහන” චිතපටයට – “සාරා ගුවන විද නැගුන”). එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද නිකුත් කෙරිණ.(ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) මෙම ඔහුගේ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් ඔහු කිසිම සත පහකවත් මුදලක් ගෙන නොමැත. ඔහු මෙම සිනමා දිවියේදී “ගොඩ් කින්ග්” නම් ඉංග්‍රීසි නැටහොත් බටහිර චිත්‍රපටියක රඟපා ඇත. එසේම “නැංගුරම්” නැමැති දමිල චිත්‍රපටියකද දස්කම් පා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරණු ලැබූ ප්‍රථම චිත්‍රපටිය “වරදට දඬුවම්”(1989) තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. අවසන් චිත්‍රපටිය “ඇය ඔබට බාරයි” එළිදැක්වූයේ 1997 වර්ෂයේදීයි.

කලාවෙන් දේශපාලනයට පිවිසෙන ඔහු සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කරන ලදි. 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයෙන් ශ්‍රී.ල.නි.ප. යෙන් තරඟ වැදී මනාප 19738ක් ලබා ගැනීය. ඔහු ක්‍රියාකාරී ලෙස 1982දී හෙක්ටර් කොබ්බෑකඩුව දිනවීම සඳහා සටන් වැදින. මැතිවරණයයෙන් පසුව ඔහුව නැක්සලයිට් චෝදනා මත 1982 නොවැම්බර් 19 දා හිර ගෙදරට නියම වූවා. 1983 ජනවාරි 18 දින ඔහුව නිදහස් කරන ලදි. * ක්‍රියාකාරී දේශපාලනයට එක්වීම – 1977 ශ්‍රීලනිප ට එක්වීමෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම. 1983 අතුරු මැතිවරණය මහර ආසනයෙන් මනප 24899ක් ලබා ගැනීය. 1984 අතුරු මැතිවරණය මින්නේරිය ආසනයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තරඟ වැදී මනාප 10568 ක් ලබා ගත්තේය.

කෙසේවෙතත් ඔහුගේ අඩුව අදටත් ඒ ලෙසට එකලෙසට පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.