කොරෝනාවට වඩා දරුණු ඉබෝලාවෙනුත් පුද්ගල මරණ

ඉබෝලා වෛරස් අවදානමකුත් ඇති වෙමින් තිබෙන වාර්තා වේ. බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසය ‍හේතුවෙන් සිව් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉබෝලා වඩාත් මරාන්තික වෛරසයක් වන අතර, එය අප්‍රිකාවේ මාරාන්තික වසංගතයක්ව පැවැතුණේ 2013-2016 කාලසීමාවේදීය. ඒ අනුව මේ සිදුවීම වාර්තා වන්නේ 2016 වසරට පසුවය.

2016 වනවිට ඉබෝලා වෛරසය අප්‍රිකාවෙන් මුලිනුපුටා දැමීමට හැකිවී තිබුණ ද නව රෝගීන් හමුවීම මේ වනවිට එරට සෞඛ්‍ය අංශ වෙත දැඩි තර්ජනයක් එල්ල කර තිබේ.

කෙසේවෙතත් මේ වන විට බටහිර අප්‍රිකානු නගරයක් වන ගීනි නගරයෙන් රට තුළට වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ මේ වනවිට කටයුතු කරමින් සිටීන බවද විදෙස් මාධ්‍ය පවසයි.

කොරෝනා වසංගතය පාලනය කිරීමට වෙහෙසෙන සෞඛ්‍ය සේවකයින්ට දැන් කොරෝනා වෛරසයටත් වඩා මාරාන්තික වෛරසයකට මුහුණ දීමට සිදුව ඇත. රෝගී තත්වයේ පසුවී ඉකුත් පළමුවැනි දින මියගිය සෞඛ්‍ය අංශ හෙදියක ඉබෝලා වෛරසයට ගොදුරු වී සිටි බවට හඳුනාගෙන තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.