රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඉන්දියාවේ සිරම් ආයතනය අතර කොවිඩ් -19 එන්නත් මිලදී ගැනීම සඳහා එකඟවී ඇති ගිවිසුම වෙනස්කම්වලට යටත්ව අනුමත කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව, එම ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 18ක් මිලදී ගැනීමට නියමිතය.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 774කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 76,428ක් දක්වා ඉහළගොස් තිබේ.
මේවන විට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මේ දක්වා එක් ලක්ෂ 89,349කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඉකුත් 29 වැනි දින ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණය ආරම්භ කෙරුණ අතර එහි 17 වැනි දිනය අදය. එන්නත ඊයේ ලබාදුන් පිරිසට 2,695ක් ඇතුළත් වේ.