ක්‍රීඩා ඇමති ඇතුළු පිරිසකට නොතීසි

ක්‍රීඩා ඇමැති  නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාව සකස් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් මාර්තු මස 15 වනදා කරුණු දක්වන අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනයකර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස්කරන ලෙස ක්‍රීඩා බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන  සිදත් වෙත්තමුනි,මුත්තයියා මුරලිදරන්, මයිකල් තිසේරා, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුක්,  ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක ඇතුළු 12 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.