කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ වල සංචරණ සිමා ගැන අවදානයට

නව කොවිඩ් ප්‍රභේදය අනාවරණය කරගත් ප්‍රදේශවල සංචරණ සීමාවන් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මිය පැවසීය.

කොවිඩ් රෝග මර්ධන සහ ප්‍රථමික සෞක්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මිය පැවසුවේ නව කොවිඩ් ප්‍රභේදය වේගයෙන් සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඇති බවට තහවුරු වී ඇති බවය.

මේ පිළිබදව ඉදිරි පියවර ගැනීම සඳහා කොරෝනා වෛරස් ප්‍රභේදය වෙනස් වීම පිළිබද විශ්ලේෂණය කරන විශේෂඥන් හා සෞක්‍ය නිලධාරීන් අතර හමුවක් අද පැවැත්වෙන බවද ඇය පැවසීය.

එමෙන්ම ලංකාවේ නව ප්‍රභේදය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් වඩාත් ආරක්ෂාකාරීව සිටින ලෙසටත් රාජ්‍ය අමාත්‍ය ප්‍රනාන්දු පුල්ලේ තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

මෙය ඉතා ඉක්මනින් පැතිරෙන බැවින් එමඟින් වැඩි ජනගහනයක් ඉතා ඉක්මණින් ආසාදිතයින් වීමට ඉඩ ඇති බැවින් ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කරන බව ඇය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.