ඉන්දික ශ්‍රී අරවින්ද
ආන්දෝලනයට තුඩුදී ඇති වේයන්ගොඩ – දාරළුව ප්‍රදේශයේ ඇති කෲඩියා සෙලනිකා (Crudia zeylanica) ශාඛය ඉවත් නොකර අධිවේගී මාර්ගය ඉදිකර නොහැකි බව අදාල ඉදිකිරීම් චීන සමාගම මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබේ.
එම අධිකාරියේ ව්‍යාපෘති අධ්යක්ෂ ඩබ්ලිව්.කේ.කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ මේ වනවිටත් ඊට අවශ්‍ය ඉඩම් පවරාගැනීමේ ප්‍රධාන කටයුතු ආරම්භ කිරීම නිසා එම සැලැස්ම වෙනස් කළ නොහැකි බවට අදාල චීන සමාගම තම අධිකාරිය වෙත දැනුම් දී ඇති බවයි.
ඒ අනුව එම ශාකය වෙනත් ස්ථානයක රෝපණය කිරීම සඳහා අවධානය යොමු වී ඇති අතර මෙම ව්‍යාපෘතියට සම්බන්ධ සියලුම බලධාරීන් ඉදිරි දිනකදී රැස්වීමට නියමිතව ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්යක්ෂ ඩබ්ලිව්.කේ.කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ.
මේ අතර කෲඩියා සෙලනිකා (Crudia zeylanica) ශාඛය රැකගැනීමට ඉදිරිපත්වූ ගම්පහ දිසා වන අඩවි නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මෙම ශාකය ඉවත් කිරීමට ගිය දිනයේ දී අදාල අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය භාර චීන සමාගමට අයත් නිලධාරීන් පිරිසක්ද පැමිණ සිටියි බවයි.
මේ වනවිට ගම්පහ දිසා වන අඩවි නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට චෝදනා රැසක් ඉදිරිපත්ව ඇතැයි වනජීවී හා වන සම්පත් අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.
අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කරන්නේ අදාල ශාඛය පිළිබදව කටයුතු කරනු ලබන්නේ වනජීවී හා වෘක්ෂලතා පනතේ 42 වන වගන්තියේ 8 වන උපලේඛනයේ ප්‍රතිපාදනයන්ට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බවයි.
ඒ අනුව දේවානි ජයතිලක මහත්මිය දිසා වන නිලධාරිනියක් බවත් ඇය තමන්ට අදාල නොවන කාර්යයකට මැදිහත්වී ඇති බවත්ය.
අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සදහන් කරන්නේ වන සංරක්ෂක නිලධාරියෙක් වෙනත් පනතක කටයුත්තකට මැදිහත් නොවිය යුතු බවයි.
එමෙන්ම රාජ්‍ය නිලධාරිනියක් වශයෙන් ගැටුම් කළමණාකරණය කරනවා විනා ගැටුම් ඇති කිරීමේ තත්ත්වයක් ඇති නොකල යුතු බවද ඔහු සදහන් කරයි.
එවන් තත්ත්වයක් පවතින ස්ථානයකට දිසා වන නිලධාරිනිය යන්නේ නම් තමන්ට ඉහළ නිලධාරීන් හට අදාල සිදුවීම පිළිබදව දන්වා යා යුතු බවත්, සිදුවීම පවත්නා ස්ථානයේ සිට මාධ්‍ය වෙත ලබාදෙන ප්‍රකාශය කුමක්දැයි යන්න තම ඉහළ ප්‍රධානීන් දැනුවත් කල යුතුව තිබූ බවත් ලේකම්වරයා පවසයි.
ඒ අනුව දේවානි ජයතිලක මහත්මිය සම්බන්දයෙන් වන සංරක්ෂකවරයා යම් පියවරක් ගැනීමට නියමිතව ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.