කොටි පැටවුන් දෙදෙනෙකු කොවිඩ් නිසා මිය යයි

කොරෝනා අසදිතව සති 11ක් වයසැති සුදු කොටි පැටවුන් දෙදෙනෙකුගේ පෙනහළුවලට බරපතලව හානි සිදුවී මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ පකිස්ථාන සත්වෝද්‍යානයක සුදු කොටි පැටවුන් දෙදෙනෙකි. ලාහෝර් සත්වෝද්‍යාන නිලධාරීන් සඳහන් කර තිබෙන ආකාරයට Feline panleukopenia වෛරසය සඳහා ප්‍රතිකාර ආරම්භ කර දින 04කට පසු සුදු කොටි පැටවුන් දෙදෙනා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සුදු කොටින් අතිශයින් දුර්ලභය. සුදු කොටි පැටවුන් දෙදෙනා මියයාමේ සිද්ධිය ලාහෝර් සත්වෝද්‍යාන කළමනාකාරිත්වයේ සහ බලධාරීන්ගේ නොසැලකිල්ල පෙන්වන්නක් බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර ලාහෝර් සත්වෝද්‍යාන නිලධාරීන් PCR පරීක්ෂණයකට යොමුකර ඇති අතර එහිදී සේවකයන් 06ක් කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනුණ අතර ඒම සුදු කොටි පැටවුන් පෝෂණය කළ පුද්ගලයාද කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබේ.

මේවන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ “කොවැක්ස් පහසුකම” යටතේ “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා” එන්නත් මාත්‍රා මිලියන 17ක් ලබාගැනීමට පාකිස්තානය සමත්වී තිබේ. අදියර දෙකක් යටතේ ආදාළ එන්නත් මාත්‍රා තොගය පාකිස්තානයට ලබාදීමට නියමිත බව එරට බලධාරීන් පැවසීය.

ඒ අනුව අප්‍රේල් මාසය වන විට මාත්‍රා මිලියන 7ක් පළමු අදියර යටතේ ලබාදීමට නියමිත අතර ලබන ජුනි මාසයේ දි තවත් එන්නත් මාත්‍රා මිලියන 10ක් පාකිස්තානයට ලැබීමට නියමිතය.

මේ වසර අවසානය වන විට මිලියන 40කට අධික ජනතාවක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සැලසුම්කර ඇති බව පාකිස්තාන රජය සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.