නව ප්‍රභේදය නිසා රටම වැසීමේ තීරණයක් නැති බව හමුදාපති කියයි

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා නව ප්‍රභේදය මෙරට තුළද ව්‍යාප්ත වීමේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව අධ්‍යයනය කරන බවත් මේ සතියේදී ඒ සම්බන්ධයෙන් විශේෂ තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම මෙරට දී හඳුනා ගනු ලැබූ නව බ්‍රිතාන්‍යය කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ සයිප්‍රසය, ජෝර්දානය සහ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්ගෙන්ටය.

කොවිඩ් නව ප්‍රභේදය හමුවේ රට අගුළු දැමීමේ සූදානමක් නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ ප්‍රකාශ කළේය. ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොරෝනා නව ප්‍රභේදය මේ වන විටත් කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් හමුවී ඇත.

යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු වෙනත් නිසි ක්‍රියාමාර්ග මේ වනවිටත් සාකච්ඡාකරමින් සිටින බවය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයේදී එම බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ ව්‍යාප්ත වෙන මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 16 දෙනෙකු මෙරටින් සොයා ගැනීමට හැකිවී ඇත. ඒ ඉකුත් ජනවාරි මස 26 වෙනිදායින් පසුව ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 92 දෙනෙකුගේ සිදුකළ ජානමය පරීක්ෂාවන් මගින්. යුද හමුදාපතිවරයා පැවසුවේ මේ දක්වා මෙරටින් කොවිඩ් ප්‍රභේද 26ක් සොයා ගෙන ඇත.

මෙම පිරිස් ඇසුරු කළ අයවලුන් සහ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් කවුරුන්ද යන්න සොයා ගෙන ඔවුන් මේ වන විටත් නිරෝධායනය කරලීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවද දැනට මෙම ප්‍රභේදය ආසාදනය වූ කොවිඩ් ආසාදිතයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය වෙනුවට ඔවුන් දින 21ක නිරෝධායන ක්‍රියාවලියට යොමු කොට ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරනු ලබන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේය.

දැනට විදේශගතව සිට ශ්‍රී ලාංකිකයින් 93,655ක් මෙරටට රැගෙන විත් ඇති බවත් මේ වන විටත් දෛනිකව විදේශ ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු යොදා ඇත. මෙලෙස පැමිණෙන පුද්ගලයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කරලීම සහ විදේශගතව ව්‍යාප්තවන නව කොවිඩ් ප්‍රභේද මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා උපරිම ක්‍රියා මාර්ග ගැනීම අවශ්‍ය බව ද යුද හමුදාපති පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.