එන්නත්කරණයට සාධාරණ වැඩපිළිවෙලක් නැහැ – එජාපය

අශන්ති වරුනසුරිය

කොවිඩ් එන්නත ගෙන්වීමට පුද්ගලික අංශයටත් රජයෙන් අවසර දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එමෙන්ම එන්නත්කරණය සාධාරණව සිදු නොවන බවත් මෙම වැඩපිළිවෙලට වගේම කිසිවකට ජාතික ප්‍රතිපත්තියක්ද නොමැති බව එජාප පක්ෂ ප්‍රධාන සංවිධායක (මාතර) නාගරික මන්ත්‍රී උපුල් නිශාන්ත මහතා චෝදනා කරයි.

තවමත් රටක් හැටියට කුමන එන්නත අපේ ජනතාවට ලබා දිය යුතුදැයි තීරණයක් රැගෙන නොමැති බවද පවසන එජාප පක්ෂ ප්‍රධාන සංවිධායක උපුල් නිශාන්ත මහතා පවසන්නේ සාධාරණ වෙළඳ මිළක් නියම කර පෞද්ගලික අංශයට කොවිඩ් එන්නත ගෙන්වීමට අවසර ලබා දිය හැකි බවය.

එවිට හැකියාව ඇති පිරිසට මෙන්ම ආයතන වලට අවශ්‍ය පරිදි එන්නත ලබා ගත හැකි බවත් නොමිලේ අවශ්‍ය අයට එන්නත්කරණය රජයේ රෝහල් මඟිනුත් ලබා ගත හැකි බව ඔහු Colombo Gazette අප කල විමසුමට පිළිතුරු දෙමින් පැවසුවේය.

මාතර සංවිධායක ලෙසද ඔහු කටයුතු කරන අතර මාතර වැඩි වන කොරෝනා තත්වය ගැන අදහස් දක්වමින් ඔහු පැවසුවේ ගෙනැවිත් තිඛෙන එන්නත, අපේ සභාවේත් කොරෝනා මර්ධන කටයුතු සඳහා ඍජුවම සම්බන්ධවන සෞඛ්‍ය කම්කරුවන්ටත් ලබා දීමට ඉල්ලුවත් එය සිදු නොවූ බවත් ඔවුන්ගේ මාතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීටවත්, පීඑච්අයිටවත් මේ ඉල්ලීමට කිසිවක් සිදුකල නොහැකි බවත් එන්නත ලබාදීම පිළිබඳව තීන්දු ගනු ලබන්නේ ඉහල අධිකාරියකින් බවත්ය.

“මෙම තත්වය අනුව මට දැනෙන හැටියට තව අවුරුදු පහ හයකින් වත් මේ රටේ ජනතාවට මෙම එන්නත ලබදීලා අවසන් කරන්න නම් බැරි වේවි. අපේ රටට අවශ්‍ය එන්නත කුමක්ද කියලා අවසන් තීරණයක් අරගෙනත් නැහැ. අපේ රට මේ වෙනකම් කිසිඳු එන්නතක් ඇනවුම් කරලාත් නැහැ.යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.