කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලේඛක කටයුතු කාර්ය මණ්ඩලයේ ඉන්දියානු නිලධාරියකු කොවිඩ් රෝගියකු බව 2021 පෙබරවාරි 13 වන දින තහවුරු වී ඇත.
ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කර ඇති කොවිඩ්-19 මාර්ගෝපදේශ අනුව එම නිලධාරියා මේ වන විට ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම නිලධාරියාගේ පවුලේ සාමාජිකයෝ ද මෙම මාර්ගෝපදේශයන් දැඩිව අනුගමනය කරමින් සිටින බවත් කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
එම කාර්ය මණ්ඩල නිලධාරියාගේ රාජකාරි ස්වභාවය අනුව ඔහු සහ මහ කොමසාරිස් කාර්යාල සාමාජිකයන් බොහෝමයක් අතර පවතින්නේ සීමිත සබඳතාවයක් වන අතර ඔහු සිය රාජකාරි කටයුතු සිදු කිරීමේදී පිටස්තර පුද්ගලයන් සමඟ ගනුදෙනු නොකරයි. කෙසේ වෙතත්, මහ කොමසාරිස් කාර්යාලයේ ඔහුගේ පළමු ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර නියමිත සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුව අදාළ වෙනත් ආරක්ෂක ක්‍රියාමාර්ගයන් වෙත යොමු කර ඇත.
මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරන ලද අතර නියමිත මාර්ගෝපදේශ අනුව අවශ්‍ය සියලු පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ පවතින කොවිඩ්-19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහ කොමසාරිස් කාර්යාලය සීමිත කාර්ය මණ්ඩලයක් සහිතව ඉදිරියටත් කටයුතු කරනු ඇත.
හැකි සෑම අයුරකින්ම කොවිඩ්-19 වසංගතයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉන්දියාව තවදුරටත් කැපවී සිටීන බවද කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වැඩි දුරටත් පවසයි.