වැලන්ටයින් එකට ගහක් හිටවමු යනුවෙන් කලාකරුවන් බොහොමයක් අද ගස් සිටුවන අයුරු දැක ගැනීමට හැකි විය. එමෙන්ම කලාකාරිනි ඕෂධීගේ ද බ්රීත් නම් වූ ඖශධ පැල සිටුවීමේ වියපෘතියද මීට සමගාමිව දෙවන වසටත් අද දින පැවැත්වේ.
ඔබත් ආදරවන්තයන්ගේ දිනයේදී මිහිතලයට ඔසු පැළයක් එක් කර, ඔබේ ‘ආදරයට ජීවයක්’ එක් කරන්නැයි රංගන ශිල්පිනි ඕෂධී හේවාමද්දුම පවසයි.
පසුගිය වසරේ පෙබරවාරි 14 ආරම්භ වූ ඕෂධී හේවාමද්දුමගේ ද බ්රිත් ඔසු පැල සිටුවීමේ වියෘතිය දෙවන වසරටත් සංකේතවත් වෙමින් මෙවරද බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.
ආදරයට ජීවයක් , හුස්ම දෙන මේ මිහිතලේ, ගහ කොළයි අපෙ ජිවිතේ, ආදරේමයි ජීවිතේ සැමදා…. මෙම ආදර්ශ පාඨය මුල් කර ගනිමින් මෙම වැඩසටහන දියත් වේ.
ඕෂධී හේවාමද්දුමගේ ද බ්රීත් වැඩසටහනට සමගාමීව බොහෝ කලාකරුවන් ඊට සහාය පල කරමින් ගසක් සිටුවන්නැයි ඉල්ලීම් කරමින් සමාජ ජාලා වල ප්රචාරණයන් ගෙන යන අයුරු දැක ගැනීමට හැකි විය. රංගන ශිල්පී විශ්ව කොඩිකාර, ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් ප්රනාන්දු, ගායන ශිල්පී තීක්ෂණ අනුරාධ, රංගන ශිල්පී – රොෂාන් පිලපිටිය, රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂි, රංගන ශිල්පී සුරාජ් මාපා, රංගන ශිල්පී මිහිර සිරිතිලක,ප්රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි, ඇතුළු කලාකරුවන් බොහොමයක් ආදරවන්තයින්ගේ දිනයට (පෙබරවාරි 14) ඔසු පැලයක් සිටුවන්නැයි ඕෂධී සමඟ එක්ව ඔබට ඇරයුමයි කරයි.
එමෙන්ම අද (14) දින යෙදෙන වැලන්ටයින් දිනය සමරමින් රටේ පරිසරයට ආදාරය දක්වන්නැයි ජනප්රිය සංගීත කණ්ඩායමක් වන ‘ජයශ්රි’ යෝජනා කර සිටියි. ගෙදර සියළු දෙනා එක්වී අද දින පැළයක් සිටුවන ලෙසයි ඔවුන් යෝජනා කරයි. මේ සමඟ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ ඇතුළු ආදි වාසින්ද එකතු වී සිටිති.
- අශ්වරු