පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට කොළඹින් කොරෝනා වෛරස් ආසාදිතයින් 27,500 කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇත. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹින්ද පසුව ගම්පහින්ද වාර්තා වේ.
අද නිකුත් කරන ලද දත්ත වලට අනුව, ඔක්තෝම්බර් 4 වනදා සිට කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 27,523 ක් වෛරසය සඳහා ධනාත්මක බව පරීක්න වලින් හෙළිවී ඇත.
කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 368 දෙනෙකු අද (13) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති. ඒ අනුව ඊයේ දවසේදී සමස්ත ආසාදිතයින් ගණන 796ක් වාර්තා වී ඇත.
ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 74,852ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ (13) කොවිඩ් මරණ 06ක් වාර්තා විය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 390කි.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි කාන්තාවක්, හබරාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නාරංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.